අසමානකන්ද වතුයායේ නිවාස ව්‍යපෘතියේ වැඩ අරඹයි | දිනමිණ

අසමානකන්ද වතුයායේ නිවාස ව්‍යපෘතියේ වැඩ අරඹයි

 නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ග්‍රාම ශක්ති උදා ගම්මාන වැඩ සටහන යටතේ දැරණියගල මැතිවරණ කොට්ධාසයේ යටිවල ග්‍රාමසේවා වසමේ අසමානකන්ද වතුයායේ නිවාස ව්‍යපෘතියේ වැඩ ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරුණි.මෙහි නිවාස 25ක ඉදිකිරීම් සිදු කරනු ලබන අතර මෙම එක් නිවෙසක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 5ක ආධාර මුදලක් ලබා දෙයි.අසමාන කන්ද ප්‍රදේශයේ මීට වසර කිහිපයකට පෙර නායයෑමට ලක් වූ නිවාසවල පදිංචිව සිටි අය සඳහා මෙම නිවාස ඉදි කෙරෙයි.

නිවාසවල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති,කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා, දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ,සබරගමුව පළාත් සභා මන්ත්‍රී රංජිත් පොල්ගම්පොල මහත්වරු සහභාගි වූහ.මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකරු අයි. එම් චන්ද්‍රෙස්කර මහතා ද සහභාගි වී සිටියේය.

ඡායාරූපය -බුලත්කොහුපිටිය සමූහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...