මාර්ග අංක 344 මාලබේ අතුරුගිරිය බසය පැලවත්තට | දිනමිණ

මාර්ග අංක 344 මාලබේ අතුරුගිරිය බසය පැලවත්තට

 මාලබේ බස් නැවතුමෙන් ආරම්භ වන මාලබේ අතුරුගිරිය බසයේ ධාවන දුර ප්‍රමාණය මාලබේ සිට පැලවත්ත දක්වා දිගුකර එය මාර්ග අංක 344 අතුරුගිරිය පැලවත්ත ගමන් මාර්ගය නමින් නම් කර ධාවනය කිරීමට පියවර ගැනීමේ උත්සවයක් මාලබේ බස් නැවතුම්පොළේදී පැවැත්විණි

මාලබේ සිට කිලෝමීටර පහක් පමණ දුරක් ඇති පැලවත්ත ප්‍රදේශයේද විශාල ජනතාවක් මෙම බසයේ සේවය ලැබීමට කලක සිට කළ ඉල්ලීමක් නිසා පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ මහතාගේ යෝජනාවකට අනුව එම බසයේ ගමන් මාර්ගය දීර්ඝ කරන ලදී.

ගමන් මාර්ගය දීර්ඝ කිරීමත් සමග එම බසය මාලබේ, තුන් අඳහේන මිලේනියම් සිටි ප්‍රදේශ වල සිටින ජනතාවට පමණක් නොව මාලබේ සිට පැලවත්ත දක්වා ඇති හැම අතුරු මාර්ග ප්‍රදේශයකම ජනතාවටද මින් සේවය ලැබෙනු ඇත.

එම ගමන් මාර්ග දිගුව නිසා බස් රථයේ ගමන් කරන මගීන් ප්‍රමාණයද වැඩිවන හෙයින් එහි දෛනික ආදායමද වැඩිවනු ඇත.

පළාත්සභා මන්ත්‍රි හෙක්ටර් බෙත්මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි එම උත්සව අවස්ථාවේදී අදාළ බසය අතුරුගිරියේ සිට පැලවත්ත දක්වා දිගු කිරීමේ ප්‍රයෝජන එකින් එක දක්වමින් එලෙස ඔහු අදහස් දැක්වූහ. බස්නාහිර පළාත් මාර්ගස්තප්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්දු තුසිත කුලරත්න මහතාද මෙසේ අදහස් දැක්වූහ.

“මගී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක්.එය නිසි ප්‍රමිතියකට අනුව කළ යුතුයි.මගීන්ට ගෞරවාන්විතව සැලකීම වැදගත්, සෑම මගියෙක් සඳහාම ටිකට්පතක් නිකුත් කිරීම අනිවාර්යයයි. සම්මත ගමන් ගාස්තුවට වැඩිය සතයක්වත් මගීන්ගෙන් අයකිරී තහනම්. තම සේවයේ ගෞරව සුරකින ලෙස සෑම සේවකයෙක්ම හැසිරිය යුතුයි.එසේ නොකරන සේවකයන් සදහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනව.

එම උත්සව අවස්ථාවට මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා ,ප්‍රාදේශීය කළමනාකාරතුමා ඇතුලු උසස් නිලධාරීහුද පැමිණි ජනතාව ඇමතූහ.

ඡායාරූපය -අතුරුගිරිය විශේෂ 

නව අදහස දක්වන්න