ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා කාන්තා බළකායේ සෙබළියෝ 31ක් විසිර යති | දිනමිණ

ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා කාන්තා බළකායේ සෙබළියෝ 31ක් විසිර යති

 ශ්‍රී ලංකා යුද හමුදා 2 (ස්වේච්ඡා) කාන්තා බළකායේ පුහුණුව ලැබූ ආධුනික සෙබළියන් 31 දෙනෙක් පසුගියදා විසිර ගියහ.

62 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස්.වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය අනුරාධපුර 4 වැනි ශ්‍රී ලංකා සංඥා බළකා සරඹ භූමියේ දී පැවැත්විණි. මෙසේ විසිර ගියේ සංඥා බළකායට අයත් වෘත්තීය සෙබළියන්ය.

පුහුණු මධ්‍යස්ථාන සේනා විධායක මේජර් ඒ.එල්.ආර්.පී.අමරසිංහ මහතාගේ නායකත්වය හා අණ පරිදි මෙහි පුහුණුවීම් සිදුකර තිබේ. මෙහිදී දක්ෂතම වෙඩික්කාරිය ලෙස ආධුනික කාන්තා සෙබළ /2078712 එස්.ඒ.එන්.සංජීවනී, හොඳම ශාරීරික යෝග්‍යතාව හිමි සෙබළිය ලෙස 2078696/ එන්.ඒ.ලියනගේ සහ සෑම අතින්ම අතිශූර සෙබළිය ලෙස 2078971 එස්.පී. සඳරේණු සම්මාන ලැබූහ.

ඡායාරූප - අනුරාධපුර මධ්‍යම සමුහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...