හඳුනා නොගත් මළ සිරුරු 2ක් සර්ව ආගමික චාරිත්‍ර සහිතව මිහිදන් කරයි | දිනමිණ

හඳුනා නොගත් මළ සිරුරු 2ක් සර්ව ආගමික චාරිත්‍ර සහිතව මිහිදන් කරයි

දිවයින පුරා රෝහල්වල මෘත ශරිරාගාරවල තැන්පත් කර තිබෙන හඳුනා නොගත් මළ සිරුරු අධිකරණ නියෝග මත හෝ මරණ පරීක්ෂකවරුන්ගේ නියෝග මත මිහිදන් කරනු ලබන්නේ කිසිදු චාරිත්‍රයක් සිදු නොකරය.

එහෙත් හලාවත මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ මළ සිරුරු දෙකක් සියලු ආගමික වතාවත් සිදු කොට හලාවත රෝමානු කතෝලික සුසාන භූමියේ මිහිදන් කිරීමේ සද්ක්‍රියාවක් පසුගියදා සිදු කෙරේ.

ඉකුත් මැයි මස 17 වැනි දින හලාවත ප්‍රදේශයේදී දුම්රියකට පැන මිය ගිය වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයකුගේ සහ ජුනි මස 04 දින හෘදයාබාධයකින් මිය ගිය වයස අවුරුදු 60ක පමණ පුද්ගලයකුගේ මළ සිරුරු මෙසේ සර්ව ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදු කොට මිහිදන් කරනු ලැබීය.

මෙම ආදර්ශවත් ක්‍රියාව සිදු කළේ හලාවත කාක්කපල්ලිය හදිසි මරණ පරීක්ෂක අමිත් කුමාර මහාතගේ අදහසකට අනුවය. මේ සම්බන්ධව අදහස් දක්වන අමිත් කුමාර මහතා

බොහෝවිට නාඳුනන මෘත ශරීර භූමදානය සිදු කරන්නේ මිය ගිය පුද්ගලයාට කිසිදු ගෞරවයක් සිදු නොවන ආකාරයට. මිය ගිය පුද්ගලයා කවර තරාතිරමක අයෙක් වුවත් ඔහු හෝ ඇයගේ අවසන් ගමනට කිසියම් සාධාරණයක් ඉෂ්ඨ කළ යුතු යැයි මම විශ්වාස කරනවා. මේ නිසා මම මගේ හිතවතුන්ගේ සහයෝගයෙන් සහ මට කළ හැකි උපරිමයෙන් මෙවැනි කටයුත්තක් සිදු කිරීමට අදහස් කෙළේ.

ඡායාරූප- මාරවිල සමූහ 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...