ආතරයිටිස්වලට මාළු ගුණයි

ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්, සතියකට දවස් දෙකක්වත් තම ආහාර වේල සඳහා මාළු එක්කර ගැනීම සුදුසු බව, පර්යේෂණයක් මඟින් හෙළිවී තිබේ. එයට හේතුව, මාළුවල අඩංගු ඕමේගා 3 සංඝටකය මඟින් ආතරයිටිස් රෝගය සැදීමට තිබෙන අවදානම අවම කිරී මය.

ආතරයිටිස් රෝගය වැලඳුණු මුල් කාලයේදී ම මාළු පරිභෝජනය වැඩි කර ගැනීමෙන්, කෙටි කාලයක් තුළ රෝගය මඟ හරවා ගත හැකි බව ද මේ පර්යේෂකයෝ පවසති.

අමෙරිකාවේ ජීවත් වන ආතරයිටිස් රෝගීන් 176 දෙනෙක් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයක් මඟින් හෙළි වූයේ, පසුගිය වසරේදී ඔවුන් තම ආහාර වේලට වැඩි වශයෙන් මාළු එකතු කර ගැනීම නිසා,ඇට මිදුළු හා සන්ධි රෝග අවම කර ගෙන ඇති බව ය. මාළු වර්ග අතර ටුනා, සැමන්, සාඩින් වර්ග ආතරයිටිස් රෝගීන් සඳහා වඩාත් සුදුසු ය. සන්ධි ආශ්‍රිතව පවත්නා දැඩි වේදනාව ද යම් තාක් දුරට මාළු අනුභව කිරිමෙන් අවම කර ගත හැකි ය.

 

අන්තර්ජාලය ඇසුරිනි
මදාරා මුදලිගේ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...