අලුත් ඇඳුම් අඳින්න කලින් හෝදන්න | දිනමිණ

අලුත් ඇඳුම් අඳින්න කලින් හෝදන්න

බැලු බැල්මට නම් අලුතෙන් මිලදී ගන්නා ඇඳුම් බොහොම පිරිසුදු වගෙයි පෙනෙන්නේ. ඒත්, ඒවා පිරිසුදු ද කියා ඔබ නිකමටවත් හිතා බැලුවද? මේ ඇඳුම් නිෂ්පාදනය කරන්නේ විශාල කර්මාන්තශාලාවල. එක ඇඳුමක් බොහෝ පිරිසක් එකතු වෙලා මහනවා. උදාහරණයක් විදියට කමිසයක් නම්, කොලරය එක්කෙනෙක්,අත් දෙක තව එක්කෙනෙක්.

මේ විදිහට කිහිපදෙනෙක්ම එක ඇඳුමක් විවිධ මැෂින්වලින් මහනවා. ඊට පස්සෙ මේවා විවිධ තැන්වලට ප්‍රවාහනය කරනවා. එසේනම්, මේ ඇඳුමක කොපමණ විෂබීජ ප්‍රමාණයක් ඇතිද? එයින් කියැවෙන්නේ, අලුත් ඇඳුම් පිරිසුදු නැහැ කියන එකයි. ඒ නිසා අලුතෙන් මිලදී ගන්න ඇඳුම් සෝදන්නේ නැතිව අඳින එක නම් හොඳ නැහැ.

අලුත් ඇඳුම්වල සමට අහිතකර රසායනික ද්‍රව්‍යන් තියෙන්න පුළුවන්. ඇඳුමක් නිෂ්පාදනයේදී එය වර්ණ ගැන්වීමට, යම් යම් කොටස් ඇලවීම ආදි දේ සඳහා විවිධ වර්ණ, රසායනික ද්‍රව්‍ය හා ගම් වර්ග භාවිත කරනවා. සමහරවිට ඔබ ගන්නා ඇඳුම්වල මෙවැනි දේ ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒවා ඔබේ සමට ආසාත්මික වෙන්න පුළුවන්.

ඔබ අඳින්න කලින් මේ ඇඳුම කීදෙනෙක් ඇඳල ඇතිද?

සමහරවිට ඔබ මේ ගැන නම් හිතන්නවත් කැමැති නැති වෙයි. ඇඳුම් කඩයකට ගියහම අපි හැමෝමටම කැමැත්තක් ඇතිවන හැම ඇඳුමම ඇඳලා බලනවා. විවිධ ලෙඩ රෝග, ආසාත්මිකතා තිබෙන පුද්ගලයන්, මේ ඇඳුම් ඇඳලා නම්, ඔබටත් සමේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අලුත් ඇඳුම් සේදිය යුතුමයි.

අලුතෙන් මිලදී ගත්ත යට ඇඳුම් නම්, කවදාකවත් හෝදන්නේ නැතිව අඳින්න නම් එපා. පිහිණුම් ඇඳුම් කියන්නේ විෂබීජ හා බැක්ටීරියා පැතිරෙන්න පුළුවන් හොඳ ම මාර්ගයක්. ඒවා කිහිප දෙනකුම ඇඳ තිබෙන්න පුළුවන්. ඒ මඟින් ලිංගාශ්‍රිතව ඇතිවන විවිධ දිලීර, බැක්ටීරියා ආදිය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ නිසා, මේ දේවල් ගත්ත ගමන්ම හෝදන්න ඕන කියලා මතක තබා ගන්න.

අලුත් ඇඳුම් සෝදන එක ගැනත් විශේෂයෙන් හිතන්න ඕනැ. ඔබ එදිනෙදා අඳින ඇඳුම් නම් සබන් හෝ සබන් කුඩු දාලා හෝදනවා ඇති. එදිනෙදා කුණු දුවිලි ඉවත් කරන්න නම් ඒවා ප්‍රමාණවත්. ඒත්,අලුතින් ගන්න ඇඳුම්වල තිබෙන බැක්ටීරියා,විෂබීජ ආදිය ඉවත් කරන්න නම් සබන් කුඩු විතරක් මදි. ඒ නිසා,අලුතෙන් ගේන ඇඳුම් සෝදන්න කලින් හෝ සේදීමෙන් පසු හෝ උණු වතුරේ දාලා ටික වේලාවක් තියන්න.

ඊට පස්ස අව්වේ හොඳින් වේල ගන්න. මේ මඟින් ඔබේ ඇඳුම්වල තියෙන විෂබීජ හොඳින් ඉවත් කර ගන්න පුළුවන්. හැබැයි සමහර ඇඳුම් තද උණු වතුරට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා, ඇඳුම් උණු වතුරේ දාන්න කලින්, ඒවා උණු වතුරේ දැම්මට කමක් නැද්ද කියලා tag එක කියවලා බලන්න. තද අව්වේ ඇඳුම් වේලද්දී, ඒවගේ පාට පිච්චෙන්නේ නැතිවන විදිහකට වේලා ගන්නත් වග බලා ගන්න ඕනැ.

 

අන්තර්ජාලය ඇසුරිනි
යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...