2017 චීනයේ ගුවාන්ක්ෂි නිපැයුම් ප්‍රදර්ශනය සාර්ථකව ඇරැඹෙයි | දිනමිණ

2017 චීනයේ ගුවාන්ක්ෂි නිපැයුම් ප්‍රදර්ශනය සාර්ථකව ඇරැඹෙයි

චීනයේ ගුවාන්ක්ෂි සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගනුදෙනු පුළුල් කිරීමට සහ දෙරට අතර ද්වීපාර්ශ්වික ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතාව වර්ධනය කිරීමට පහසුකම් සැලසීමේ අරමුණින් ‘The Belt and Road’ සංකල්පය නිර්මාණය කිරීම සඳහා ගුවාන්ක්ෂි ෂුවාන්ග් ස්වයං පාලිත ප්‍රදේශය විසින් සංවිධානය කරනු ලබන 2017 චීන ගුවාන්ක්ෂි නිපැයුම් ප්‍රදර්ශනය ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ දී ආරම්භ විය.

මෙය ගුවාන්ක්ෂි රජයේ මුල් පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රදර්ශනයක් පවත්වනු ලබන ප්‍රථම අවස්ථාවයි. මේ සඳහා ප්‍රදර්ශන කුටි 30ක් තම නිපැයුම් ඉදිරිපත් කළ අතර, ඉන් 27ක්ම ගුවාන්ක්ෂි ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ නිපැයුම් අපනයන සමාගම් වේ. ප්‍රදර්ශනය ඉලෙක්ට්‍රොනික් නිපැයුම්, ඉදිකිරීමේ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර, ආහාර සහ තේ කොළ, රෙදි පිළි සහ එදිනෙදා ගෘහ අත්කම් යන කාණ්ඩ 5 යටතේ පැවැත්වෙන අතර, ඒ සඳහා ඉදිරිපත් කෙරෙන උසස් ප්‍රමිතියේ නිෂ්පාදනවලින් ගුවාන්ක්ෂි ප්‍රදේශයේ විශිෂ්ට නිපැයුම් ධාරිතාව පිළිබිඹු විය.

වෙරළ, දේශ සීමා, ගංගා ආදී සීමාවන් අතර පැතිර පවතින ගුවාන්ක්ෂි, ආර්ථික අතින් චීනයේ ඉතා වැදගත් ප්‍රදේශයක් වන අතර, එය ඉතා වැදගත් ආර්ථික චක්‍රයක් වන ASEAN, දකුණු චීනය සහ නිරිත දිග චීනය අතර පැතිර පවතී. වර්ග කිලෝමීටර් 2, 37,600ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින මේ ප්‍රදේශයේ ජනගහනය මිලියන 55,79ක් වේ. 2016 වසරේ ගුවාන්ක්ෂි හි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 274.68ක් වූ අතර, එහි අපනයන හා ආනයන වෙළෙඳ අගය ඩොලර් බිලියන 47.9ක් විය. ගුවාන්ක්ෂි අධික ඛනිජ සම්පත්, කෘෂි කර්මාන්තය, වන සම්පත, සංචාරක, සාගර ආදී සම්පත්වලින් ඉතා පොහොසත් භූමි ප්‍රදේශයකි.

ඡායාරූපය- මහින්ද විතානච්චි

නව අදහස දක්වන්න