රත්මලානේ ඕඩියෝලොජි මධ්‍යස්ථානය 10 වසරක විශිෂ්ට සේවාව සමරයි | දිනමිණ

රත්මලානේ ඕඩියෝලොජි මධ්‍යස්ථානය 10 වසරක විශිෂ්ට සේවාව සමරයි

2007 වර්ෂයේ මැයි මස ඩයලොග් ආසිආටා විසින් දැයට තිළිණ කළ රත්මලාන ඕඩියෝලොජි මධ්‍යස්ථානය ලාංකීය ජනතාව වෙත වසර 10 පුරා නොනිමි මෙහෙවරක යෙදී සිටී. නවීනතම තාක්ෂණයෙන් යුත් ශ්‍රවණ හා කථන පරීක්ෂාවන් හා චිකිත්සාවන් ශ්‍රව්‍යාබාධිත දරුවන් හා වැඩිහිටියන් 60,000කට අධික පිරිසක් වෙත දැරිය හැකි මිලකට ලබාදීම මගින් රත්මලානේ පිහිටි ඕඩියෝලොජි මධ්‍යස්ථාන ය පසුගිය දස වසර පුරා සුවිශාල මෙහෙවරක් ඉටු කිරීමට සමත් වී ඇත.

රත්මලාන ඕඩියෝලොජි මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබුවේ, ඩයලොග් ආසිආටා සමාගම හා රත්මලානේ බිහිරි පාසල අතර සහයෝගිතා ව්‍යාපෘතියක් වශයෙනි. එහි දී ආයතන දෙකෙහිම පොදු ඉලක්කය හා අභිප්‍රාය වූයේ, කථනයේ හා ඇසීමේ දුබලතාවලින් පෙළෙන සෑම වයසකටම අයත් ජනතාව බලගන්වා, පුනරුත්ථාපනය කොට, ඔවුන්ට සමාජය හා මුසු වීමට සැලැස්විය හැකි, කථන හා භාෂා චිකිත්සාව පිළිබඳ විශිෂ්ට මධ්‍යස්ථානයක් බිහි කිරීමයි.

වර්තමානයේ පුළුල් ප්‍රජාවක් වෙත සේවය සලසන, ආබාධිතයන් කෙරෙහි දයාව හා සානුකම්පික සැලකිලි දක්වන හෘදයංගම පරිසරයක් උදා කිරීමට පදනම් වූයේ මෙම සහයෝගීතාවයි. රත්මලාන බිහිරි පාසලේ සිසුන් වෙත ගාස්තු අය කිරීමෙන් තොරව වාර්ෂික ශ්‍රවණ පරීක්ෂාවන් හා කථන චිකිත්සා සේවාවන් සැපයීම සිදු කරනු ලබන්නේ මෙම මධ්‍යස්ථානය විසිනි. එසේම, ශ්‍රව්‍යාබාධිත දරුවන්ගේ මවුපියන්, රට පුරා පිහිටි බිහිරි පාසල් හා නිවාසවල ගුරුවරුන් හා පාලිකාවන් සඳහා නොමිලේ වැඩමු`ඵ පැවැත්වීම ද මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලබයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රව්‍යවිද්‍යා අධ්‍යයනය පිළිබඳ සායනික පුහුණු වැඩසටහන් මෙහෙයවීම සඳහා ද රත්මලාන ඕඩියෝලොජි මධ්‍යස්ථානයේ සහයෝගීත්වය ලබාදෙයි. 

නව අදහස දක්වන්න