පක්ෂ දෙකක් සමඟ කටයුතු කිරීම අසීරු වැඩක් | දිනමිණ

පක්ෂ දෙකක් සමඟ කටයුතු කිරීම අසීරු වැඩක්

පක්ෂ දෙකක් එකතු වී වැඩ කටයුතු සිදු කිරීම අසීරු කාර්යයක් වුවද රටේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා එකට එකතු වී වැඩ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍ය ආදායම් වෘත්තීකයන් වෙනුවෙන් ක්‍රියාත්මක මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ නිවාස 500 ක් ඉදිකිරීම සඳහා අද(17) දිනයේ පැවති උත්සවයට එක් වෙමින් අගමැතිවරයා මේ අදහස් පළ කළේය.
 
ජාතික ආණ්ඩුව තුළින් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි ගැනීම සඳහා කිසිදා කටයුතු නොකරන අතර, සිදු කරනු ලබන වැඩ දෙස බලා අනාගතයේ දී පැවැත් වෙන මැතිවරණයකදී ජනතාව විසින් දේශපාලඥයින් තොරා ගනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අදහස් 2ක් ඇත

ganu denu waladine!!wade ahu wenawa, eli pita kiyonawa , athak pathk naha ohe oya yakku kiyonawa gara yakkunta dola pideni nodunna wage,

නව අදහස දක්වන්න