ගිනි අවියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට | දිනමිණ

ගිනි අවියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මීරිගම, කිතලවලාන ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරු වලට අනුව මෙම වැටලීම සිදුකොට ඇත.

එහිදී ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 25ක් ද පොලීසිය බාරයට ගෙන ඇත.

ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නව අදහස දක්වන්න