දිනමිණ කතුවරිය විශිෂ්ට වෘත්තිය කතුන් අතරට | දිනමිණ

දිනමිණ කතුවරිය විශිෂ්ට වෘත්තිය කතුන් අතරට

TOP 50 ‘professional and career women sri lanka 2017 නමින් පැවැති සම්මාන ප්‍රදානෝත්සවයෙදී වසර එකසිය හතක් අඛණ්ඩව මුද්‍රණය කරමින් ජාතියේ මග පෙන්වන්නා ලෙස ඉදිරියටම යන ‘දිනමිණ’ ජාතික පුවත්පතේ වත්මන් කර්තෘ මෙන්ම සිංහල ජාතික පුවත්පත්වල ප්‍රථම කතුවරිය වන පුෂ්පා රොවෙල් මහත්මියගේ සේවය අගය කරමින් මුද්‍රිත මාධ්‍ය අංශයේ රන් සම්මානය ඇයට ප්‍රදානය කෙරිණි.

එහිදී නගර සැලසුම් හා ජලපවහන හා ජලසම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ශාන්තිණී කෝන්ගහගේ, විනය හා කල්ක්‍රියා පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ශ්‍රී ලංකා සිංගර් ආයතනයේ අලවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයින් එම සම්මානය දිනමිණ කර්තෘ වෙත පිරිනමන අයුරු.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන්, විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරාල, ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් හා මාලදිවයිනේ මෙරට සිටින තානාපතිනි හා තවත් විදේශීය දූත පිරිසක් ද මෙරට වගකිව යුතු විවිධ වෘත්තීන්වල නිරතවන කාන්තාවන් රාශියක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් කෝපරේෂන් (ලෝක බැංකු කණ්ඩායම) සහ වුමන් ඉන් මැනේජ්මන්ට යන ආයතන මේ උත්සවය සංවිධානය කර තිබුණි. සටහන සහ ඡායාරූපය - අනුර ප්‍රේමලාල්- රුවන් ද සිල්වා 

අදහස් 2ක් ඇත

මේ වනාහී රාජපක්ෂ සමයේ දිනමිණ පුවත්පතෙහි ජඩ මාධ්‍යවේදය ගෙන ගිය අයෙකි. මඩ හෙඩින් දැමීමට ඇය වග කිව යුතුය.

mama danna tharamin ayage , le ,,khaka nidahasa , lekhaka yinata niriksanayakin denu labayi! liyanno pissuth liyayi, ehethkathru athe thamayi wade thiyenne, oba thumiya ta ran sammanayak labima dinamine noweyi lekana kalawata dun sammanyak lesa sithannemi , obata diriya labewa! apata liyanna denna , hugak dewal liyanna thiyenawa!

නව අදහස දක්වන්න