යහපාලන රජය 2025 තෙක් රාජ්‍ය පාලනය සිදු කරනවා | දිනමිණ

යහපාලන රජය 2025 තෙක් රාජ්‍ය පාලනය සිදු කරනවා

යහපාලන රජය වසර 2020 දක්වා රාජ්‍ය පාලනය සිදු කරන අතර 2020 න් පසුව යළි බලය ලබා ගනිමින් වසර 2025 දක්වා ද රාජ්‍ය පාලනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යහපාලන රජයේ ගිවිසුම වසර 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍යම කාරක සභාව ද පසුගියදා තීරණය කළ බව ඇමැතිවරයා පැවැසුවේය.

රජය රණවිරු දඩයමක් සිදු කරන බවට විපක්ෂය නඟන චෝදනා කිසිසේත් පිළිගත නොහැකි බවත් මනුෂ්‍ය ඝාතන, කප්පම් සහ සොරකම් කිරීම්වලට ඇතැම් රණවිරුවන්ට පසුගිය කාලයේ උපදෙස් ලබාදුන්නේ වැරදි දේශපාලන නායකත්වය බවත් ඇමැතිවරයා කීය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් 17ක් රජයෙන් ඉවත් වන බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මේ බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. රණවිරුවන් අත්අඩංගුවට ගන්නා බවට ඇතැම් දේශපාලනඥයන් රජයට චෝදනා කරනවා. මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම්, සොරකම් කිරීම් සිදු කළ හමුදා සෙබළුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් ද? පසුගිය කාලයේ දී රට පුරා සිදු වූ කොල්ලකෑම් රැසකට සාමාන්‍ය හමුදා සෙබළුන් සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. ඇතැම් හමුදා සෙබලුන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පවා ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත්තා.

එම පිරිස රණවිරුවන් නොවේද? උසස් නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගත් පසු රණවිරු ලේබලය අලවා රජයට චෝදනා කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම එම නිලධාරියාට එල්ල වී ඇති චෝදනාවයි. කප්පම් දීමට බැරිවූ දෙමාපියන් අසරණ වුණා. එම නිසා ඇතැම් අය ඝාතනය කෙරුණා. රජයක් විසින් මේ පිළිබඳ සොයා බැලිය යුතුයි. කප්පම් ඉල්ලු බවට චෝදනා ලැබූ රණවිරුවන්ට රණවිරුවන් යැයි ප්‍රකාශ කරන්නේ නම් නියම රණවිරුවන්ට පළන්දන පදක්කම මොකක් ද? රණවිරු නාමයෙන් දේශපාලනය කරන අය කවුද කියලා රටම දන්නවා. මිනීමරුවන්, කප්පම්කරුවන්ට, මනුෂ්‍ය ඝාතකයන්ට උදවු කරන අයත් එම පන්තියේම අයයි.

මානසිකත්වය තිබෙන්නේ එතැනයි. වැරදි දේශපාලන නායකත්වය මඟින් ලබාදුන් උපදෙස් අනුව තමයි මෙම ඝාතන සිදු වුණේ. එම දේශපාලන නායකත්වය අද නැහැ. කප්පම්වලට ලක් වූ, පැහැර ගැනීම්වලට ලක් වූ අයට නීතිය ඉදිරියේ සාධාරණත්වය ඉටු කළ යුතුයි. රණවිරු බෝඩ් ලෑලි එල්ලා ජාතිවාදය ඇවිලීමට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය රංග කලංසූරිය මහත්වරු එක්ව සිටියහ.

සන්ධ්‍යා කරුණාරත්න

අදහස් 2ක් ඇත

heenen thama ,,yahapalanayata kana koka hadewwe rajitha thama ,,,obata lankawasi siyallomathcabinet eke 90% sapakaranawa...yahapalanaya vinasha kare dath dosthara thamai,,ane ahinshaka ,,maithree apita hari dukai,,,

Another GONPALAKA hand is giving a spit shine by licking the BOOTS of the MASTER if not the same boot will kick this BUTT OUT. Then this one who sold the DONATED Corrugated Asbestos Roofing materials to be distributed to TSUNAMI victims will be unemployed wishing who's boots he could lick polish to be a BENCH WARMER.

නව අදහස දක්වන්න