ප්ලාස්ටික් කෝප්ප වෙනුවට පොල් කටු කෝප්ප | දිනමිණ

ප්ලාස්ටික් කෝප්ප වෙනුවට පොල් කටු කෝප්ප

පොලිතින් භාවිතය අවම කිරීමට හා තහනම් කිරීමට ගත් තීරණයත් සමඟින් ම ප්ලාස්ටික් කෝප්ප භාවිතය ද ඉවත් කර අපුරු පොල්කටු කෝප්ප උදෑසන තේ සඳහා යොදාගත් රාජ්‍ය ආයතනයක් පිළිබඳව ඉමදුවෙන් වාර්තාවෙයි. ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් න් උදෑසන තේ පානය සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් කෝප්ප අලුතින් ගෙන ඒම නවතා ඒ වෙනුවට 13 දින සිට පොල්කටු කෝප්ප භාවිත කිරීම ආරම්භ කර ඇත.

අදාළ පොල්කටු කොප්පය අපුරු ලෙස නිර්මාණය කර තිබු අතර එහි සේවකයන් පැවසුවේ මින් පසු තම කාර්යාලය වෙත ප්ලාස්ටික් කෝප්ප ප්ලාස්ටික් ද්‍රව්‍ය ගෙන නොඑන බවත් ඒ වෙනුවට මේ ආකාරයේ විකල්ප විසැඳුම් වලට යන බවත්ය. ඡායාරූපය- ඉමදුව සමුහ

ලංකින්ද නානායක්කාර - ඉමදුව සමුහ

නව අදහස දක්වන්න