ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනයි | දිනමිණ

ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනයි

වර්නන් ගුණසේකර

ශූරයා වවුනියාවේ කින්දුෂන් ශූරිය මුලතිව් සුඩර්මදි

උතුර පළාතේ වවුනියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ 18 හැවිරිදි එස්.කින්දුෂන් හා මුලතිව් උඩයාර්කට්ටු මහ විදුහලේ 19 හැවිරිදි සුබ්‍රමනියම් සුඩර්මදි සමස්ත ලංකා පාසල් නෙස්ටමෝල්ට් මිනි මැරතන් තරගාවලියේ පෙරේදා යාපනයේදී පැවැති පළමු අදියරේ ශූරයා‍ හා ශූරිය වූහ.

යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගණයේ සිට කන්කසන්තුරය පාරේ චන්නාකම් හන්දියට පැමිණ ආපසු එම ගමන් මාර්ගයේම දුරෙයප්පා ක්‍රීඩාංගණය දක්වා කිලෝ මීටර 21.5ක දුරක පැවැති බාලක මිනි මැරතන් තරග‍ය කින්දුෂන් ජයග්‍රහණය කළේ පැයයි මිනිත්තු 14යි තත්පර 52ක කාලයක් වාර්තා කරමිණි. සුඩර්මදි ට බාලිකා මිනි මැරතන් තරගය ජය ගැනීම සඳහා පැයයි මිනිත්තු 37යි තත්පර 3ක් ගත වූවාය. නෙස්ලේ ලංකා ආයතනයේ නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ සංවිධානත්වයෙන් අදියර හතරකින් යුතුව පවත්වනු ලබන මිනි මැරතන් තරගාවලියේ උතුර, උතුරු මැද හා නැඟෙනහිර පළාත් වෙනුවෙන් පැවැති මේ පළමු අදියර සඳහා පාසල් දුර දිවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2180 දෙනෙකු සහභාගි වූහ.

මේ තරගයට සමගාමීව අදාළ පළාත් වෙනුවෙන් පාසල් ක්‍රීඩකයන් 125ක් හා ක්‍රීඩිකාවන් 22 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති කිලෝ මීටර 5 මාර්ග ධාවන තරගයේ ශූරයා වූයේ යාපනය නෙල්ලිඅඩි මැදි විදුහලේ එම්.අනෝජන් ය. ඔහු ගත් කාලය මිනිත්තු 18යි තත්පර 25.7කි. ජයග්‍රාහිකාව වූ අනුරාධපුර ගැටලාව පලුගොල්ලාගම මහ විද්‍යාලයේ 17 හැවිරිදි ඒ.කේ.ඔෂිනි ශාලිකා අත්තනගොඩ ය. මේ ජයග්‍රහණය සඳහා ඇය මිනිත්තු 21යි තත්පර 22.4ක කාලයක් ගත කළාය.

උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා දුන් සංඥාවකට අනුව බාලක බාලිකාවෝ තරගය ආරම්භ කළේ ඉමහත් උද්යෝගයකින් යුතුවය. ඔවුන් දිරිමත් කිරීම සඳහා තරග මාර්ගය දෙපස හතළිස් දහසක පමණ ජනකායක් එක් රොක්ව සිටියහ.

ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණේ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට උතුර පළාතේ අධ්‍යාපන ඇමැති ආචාර්ය එස්.සර්වේෂ්වරම්, අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, නෙස්ලේ ලංකා ආයතනයේ උපසභාපතිවරුන් වන බන්දුල ‍එගොඩගේ හා නෝමන් කන්නන්ගර සහ උතුර පළාතේ අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.සත්‍යලිංගම් යන මහත්වරුද සහභාගි වූහ.

තරග ප්‍රතිඵල මෙසේය.

මිනි මැරතන් බාලක: 1.එස්.කින්දුෂන් (වවුනියාව දෙමළ ම.ම.වි.), 2.පී.ජිනන්තනන් (මුලතිව් ඔඩ්ඩුසුඩාන් ම.වි.), 3. ආර්.රිනුජන් (යාපනය කොකුවිල් හින්දු වි.)

බාලිකා: 1.එස්.සුධර්මදි (මුලතිව් උඩයාර්කට්ටු ම.වි.), 2.එස්.විතුෂා (මුලතිව් කෂ්ෂිලයිමඩු ම.වි.), 3.ටී.ඩෙන්සිකා (කිලිනොච්චි ම.ම.වි.)

මාර්ග ධාවන බාලක: 1.එම්.අනෝජන් (යාපනය නෙල්ලිඅඩි ම.වි.), 2.වී.සජීවන් (යාපනය හින්දු වි.), 3.කේ.වසන්තරූපන් (කරෙයිනගර් හින්දු වි.)

බාලිකා: 1.ඒ.කේ.ඔෂිනි ශාලිකා අත්තනගොඩ (අනුරාධපුර ගැටලාව පලුගොල්ලාගම ම.වි.), 2.එම්.සඳුනි හංසිකා ධර්මප්‍රිය (අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ම.ම.වි.), 3.එස්.ලක්ෂානි නිමාෂිකා වනසිංහ (අනුරාධපුර කුකුලෑව දීඝාභය වි.) 

 

නව අදහස දක්වන්න