ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනයි | දිනමිණ

ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනයි

ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

එෆ් 46 කාණ්ඩය නියෝජනය කරමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක්වූ 31හැවිරිදි දිනේෂ් මීටර් 57.93ක දක්ෂතාවක් සමගින් රිදී පදක්කම දිනාගත් අතර එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මීටර් 60.63ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ ගුර්ජර් සන්ඩර් සිංග් සමත් විය. එහි ලෝකඩ පදක්කම චීනයේ ගුවෝ චන්ලින්ග් (මීටර් 56.14) දිනා ගත්තේය.

දිනේෂ් පසුගිය වසරේ පැවැති 2016 බ්‍රසීලයේ රියෝ පැරා ඔලිම්පික් උළෙලේදීද මේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලියට ක්‍රීඩකයන් දෙදෙනකු හා ක්‍රීඩිකාවක් සහභාගි වූ අතර අමර ඉන්දුමතී (ටී 46/47 කාණ්ඩයෙන් මීටර් 200 හා 800) හා අනිල් ජයලත් (ටී 42 මීටර් 200 හා දුර පැනීම) ද එක්ව සිටිති.

මේ 23වැනිදා නිමාවට පත්වීමට නියමිත තරගාවලියට රටවල් 92ක් නිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ව සිටිති.

නව අදහස දක්වන්න