රංගන ලොව පස්වැනියා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයවූ අද දිනය නිමා වනවිට සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව කඩුලු 07ක් දැවී ලකුණු 293ක් ලබා සිටියි.

ඒ,සිම්බාබ්වේ පිළ පළමු ඉණිම සඳහා  ලබාගත් ලකුණු 356ට පිළිතුරු ලෙසයි.

සිම්බාබ්වේ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ ලකුණු 160ක් රැස් කළ ක්‍රෙග් අර්වින්. 

පන්දු යැවීමේ දී රංගන හේරත් ලකුණු 116කට කඩුලූ 05ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව කඩුලු පහක් ලබාගත් රංගන හේරත් කඩුලු පහ බැගින් ටෙස්ට් තරගවලදී  වැඩියෙන්ම දවාගත් ක්‍රීඩක ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව සිටියි.

මුත්තයියා මුරලිදරන් අවස්ථා 67කදී කඩුලු පහ බැගින් ලබා මුල් තැන සිටින  අතර 37වරක් කඩුලු පහ බැගින් දවාලූ ෂේන් වොන් දෙවන ස්ථානයේ පසුවෙයි.

රිචඩ් හැඩ්ලි සහ අනිල් කුම්බ්ලේ තුන්වන සහ හතරවන ස්ථානවල පසුවිය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...