නටන්න බැරි මිනිහට පොළොව ඇදයි | දිනමිණ

නටන්න බැරි මිනිහට පොළොව ඇදයි

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු සදහන් කලේ වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇති බවයි.

පානදුරදී පැවැති නිදහස් කලා සන්ධානයේ සුවද හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

2015 ජනවාරි 08 වන දින රටේ තිබූ සල්ලිවලට මේ වන විට සිදු වූ දෙයක් නැතැයිද, මේ වන විට රට ආර්ථික වශයෙන් පහත වැටීමේ වරදද තම ආණ්ඩුව මත පටවා ඇතැයි ද ඔහු පවසයි.

වත්මන් ආණ්ඩුවේ වැරදි වසා ගැනීමට පසුගිය ආණ්ඩුවේ නැති වැරදි පෙන්වමින් කටයුතු කරන බව අවධාරණය කළ හිටපු ජනාධිපතිවරයා එය නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ වැඩක් බව පැවසීය.

වත්මන් ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බවත්,  ජනතාව මේ වනවිට මේ ආණ්ඩුව පිරිහී ඇති බව පිළිගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙන්නේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබාදුන් මැතිවරණ පොරොන්දු ආණ්ඩුව බලයට පත්වන තෙක් පමණක් කට මැද දෙඩවූ ඒවා පමණක් බවයි.

අදහස් 2ක් ඇත

ekanam atthayi!

JANATHAWATADA DURALA WADI JANAMATHAYATA HISA NAMA RATAHADANA NIYOJITHAYO BIHIWEW THATTUMARUWA EPAWELA ,,WADA BE

නව අදහස දක්වන්න