අභිලාෂ තේනුවරගෙන් ශතකයක්

අභිලාෂ තේනුවර වාර්තා කළ ශතකය හේතුවෙන් අන්තර් පාසල් අවුරුදු 15න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකින් උයන කනිෂ්ඨ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කොළඹ ආනන්ද විදුහල් ‘සී’ කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විදුහල් පිල කඩුලු 7ක් දැවී ලකුණු 255ක් රැස්කළ අතර උයන කනිෂ්ඨ විදුහලට පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 87ක් පමණි.

අභිලාෂ තේනුවර නොදැවී ලකුණු 100ක් හා කෙවින් වීරරත්න නොදැවී ලකුණු 61ක් ආනන්ද විදුහල් ඉනිමට එක් කළහ. උයන විදුහල් ඉනිම බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සවිඳු කුමාරසේකර ලකුණු 12කට කඩුලු 4ක් දවාලීය.

ආනන්ද විදුහල් පළමු ඉනිම - 255/7 (ඕවර 60) අභිලාෂ තේනුවර නොදැවී 100, කෙවින් වීරරත්න නොදැවී 61, දිනිත් තුෂාන් 30 (රජිත් ජයසන්තු 57/5) සහ දෙවැනි ඉනිම - 96/3 (ඕවර 13) යසස් අභයගුණවර්ධන 37, ඉෂාන් සිල්වා නොදැවී 30

උයන කනිෂ්ඨ පළමු ඉනිම - 87 (ඕවර 24.1) රජිත් ජයසන්තු 24 (සවිඳු කුමාරසේකර 12/4, අකිදු අහුංගල්ල 0/2, තෙනුල් ජෑන්ස් 20/2) 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...