අන්තර් පොලිස් කොට්ඨාස අතර පැවැති රගර් තරගාවලියේ ශූරතාව අගමැති ආරක්ෂක කොට්ඨාසය දිනාගත් අතර අනු ශූරතාව පොලිස් විශේෂ කාර්ය බලකායට හිමි විය. එම කණ්ඩායම නියෝජනය කළ උප පොලිස් පරීක්ෂක අලහකෝන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.
පොලිස් කොට්ඨාස 28ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්වූ තරගාවලියේ සාමාප්ති උළෙල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට අපරාධ හා රථවාහන, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජාත්‍යන්තර සබඳතා හා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහත්වරු ඇතුළු පොලිසියේ උසස් නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.
නව අදහස දක්වන්න