ලෝකයේ බිලියන 2.1කට පිරිසිදු පානීය ජල හිඟයක් | දිනමිණ

ලෝකයේ බිලියන 2.1කට පිරිසිදු පානීය ජල හිඟයක්

බිලියන 2.1ක් මිනිසුන් නිවසේදී පිරිසිදු පානීය ජල හිඟයකට මුහුණ දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එසේම සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් වන අඩුපාඩුද සහිතව සැලකිය යුතු ජනගහනයක් වෙසෙන බව එම සංවිධානය අවධාරණය කර ඇත.

මිනිසුන් දස දෙනකුගෙන් තුන්දෙනකු නිවසේ සෞඛ්‍යාරක්ෂිත ජල හිඟකමකට මුහුණ දෙන බවත් දස දෙනකුගෙන් හයක් එනම්, බිලියන 4.5ක ජනගහනයක් සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අවඩානමකට මුහුණ දී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විස්තරාත්මක පෙන්වා දෙයි.

ඒකාබද්ධ ඉලක්කසහගත වැඩසටහන් මාලාවට අනුව එය වාර්තා කරන්නේ පානීය ජල, සනීපාරක්ෂාව, සහ ඒ පිළිබඳ දැනුමට අදාළව අනුමත ඉලක්කගත අගයුම්වලට අනුව පානීය ජලය හා සනීපාරක්ෂාව ආරක්ෂිතව කළමනාකරණය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ය.

විශේෂයෙන් මෙම හිඟයෙන් පෙළෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වීම පොදු සිද්ධාන්තයක් වී ඇත.

“පිරිසිදු ජලය, සනීපාරක්ෂාව, ඒ ගැන දැනුම මුදලින් පොහොසත් හෝ නාගරිකව ජීවත් වන ජනතාවට විශේෂ වරප්‍රසාද වශයෙන් හැඟෙන්නේ නැත.” ලෝඅක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇදනොම් ගේබ්‍රේයිසස් පවසන්නේ ය.

“මේවා මිනිස් සෞඛ්‍යමය ප්‍රමුඛ අවශ්‍යතාවලින් සමහරක්. මේ සම්බන්ධයෙන් සියලු රටවලට වගකීමක් තිබෙනවා සෑම අයකුටම එම අවශ‍යතාව ලබා දීමට.

මෙහි ප්‍රතිඵලයක් හැටියට සෑම වසරකම වයස පහට අඩු තුන්ලක්ෂ හැට එක්දාහක් දරුවන් පාචනය නිසා මිය යන බවත් දිලිඳු සනීපාරක්ෂාව රහිත හා අපිරිසිදු ජලය කොළරාව, හෙපටයිටීස්, අතීසාරය, ටයිපොයිඩ් යනාදී රෝගවලට ලක් වීමේ අවදානමක් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

නව අදහස දක්වන්න