සූර්යා මතුපටින් මතුවූ දැවැන්ත ලපයක් | දිනමිණ

සූර්යා මතුපටින් මතුවූ දැවැන්ත ලපයක්

සූර්යයා මතුපිට වූ දැවැන්ත ලපයක් නිරීක්ෂණය කිරීමට නාසා ආයතනයේ විද්‍යාඥයින් සමත් ව තිබේ.

මෙමගින් පෘථිවියට ද යම් බලපෑමක් ඇති වීමේ හැකියාවක් ඇති බවට ඔවුන් විශ්වාස කරනු ලැබේ. සූර්යයාගේ පෘෂ්ඨය මත පිහිටන අඳුරු සහගත එමෙන්ම තරමක් උෂ්ණත්වය අඩු සිසිල් සහිත ස්ථාන සූර්ය ලප ලෙස හඳුන්වනු ඇත.

සූර්ය ලප ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් වුවත් සූර්යයාගේ ක්‍රියාකාරීත්වය අඩු වන මේ කාලයේ දී එවන් සූර්ය ලප නිරීක්ෂණය වීම කලාතුරකින් සිදුවන්නක් බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මේ සූර්ය ලපය සැතැපුම් 70,000කටත් වඩා විශාලය. එනම් එය පෘථිවියේ විශාලත්වය මෙන් 19 ගුණයක් පමණ වේ.

අදහස් 1ක් ඇත

minisunga sith apirisuduwana kota ape hame lapa enawa ,,,katha wenawa, elesin suryage sithath dan , manulowa desa bala balalama unnahega sitha ussaya saha minisun gana kala kirila unnehege balayatath hena gahanna yanawa koheda,?

නව අදහස දක්වන්න