කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද(14) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ ටසාරි මුසකන්ඩා අද ටෙස්ට් වරම් ලබාගෙන තිබේ.

එසේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට අවතීර්ණ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ටතම දග පන්දු යවන්නා වන රංගන හේරත්ගෙන් අද තරගයට සුවිශේෂි දායකත්වයක් අපේක්ෂා කරනු ලැබේ. තමාට හොඳ කණ්ඩායමක් ලැබී ඇති අතර වඩාත් පළපුරුදු තුරුම්පු දෙකක් තරගයට යොදාගන්නා බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

ශ්‍රී ලංකා ඉණිම ඇරඹීමේ වගකීම උපුල් තරංගට හා දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇති බව ක්‍රීඩා විචාරකයින්ගේ මතය වී ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...