මිද්දෙණියේ වෙඩි තැබීමකින් 02කට තුවාල

මිද්දෙණිය, ජුලම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ එක් අයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ තවත් අයෙකු විසින් තුවක්කුකරු වෙත තියුණු ආයුධයකින් පහරදී ඇත.

එහිදි තුවක්කුකරු ද තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්වේ.

පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහල වෙත මාරු කර යවා ඇති  බව පොලීසිය පැවසුවේය.

සැකකාර තුවක්කුකරු විසින් වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය පොලිස් බාරයට ගෙන ඇති අතර මිද්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...