නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් | දිනමිණ

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක්

අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11 ) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
 
ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන ඒ.ඒ.ජී.ආර්. අමරසේකර, ඒ.එල්. ශිරාන් ගුණරත්න සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද සිල්වා යන මහත්වරුන් මෙලෙස අභියාචනාධිකරණයේ නව  විනිසුරුවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබීය.
 
ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේය.
 
( ඡායාරූප : සුදත් සිල්වා )

නව අදහස දක්වන්න