Construct 2017 එන මස 25 සිට බණ්ඩාරනායක සමරු ශාලාවේ දී | දිනමිණ

Construct 2017 එන මස 25 සිට බණ්ඩාරනායක සමරු ශාලාවේ දී

ශ්‍රී ලංකාවේ අති ජනප්‍රියතම ඉදිකිරීම් ප්‍රදර්ශනය වන Construct 2017 අගෝස්තු මස 25 සිට 27 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් 17 වන වරටත් අඛණ්ඩව සංවිධානය කරන මෙම දැවැන්ත ප්‍රදර්ශනය දකුණු ආසියානු කලාපයේ පැවැත්වෙන විශිෂ්ටතම ප්‍රදර්ශනය බවට සැලකේ.

“දේශීය හා විදේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් විශාල සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගන්නා Construct 2017 සඳහා සත්කාරකත්වය සැපයීමට ලැබීම අපට මහත් ගෞරවයක්. මෙය ඉදිකිරීම්

ක්ෂේත්‍රය හා සම්බන්ධව පැන නගින ගැටලු රාශියකට විසඳුම් සපයන වේදිකාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එහි තිබෙන නවීන, නිර්මාණශීලී වෙළඳ කුටි සහ ඵලදායී ක්‍රමවේදයන් ඇති නිසා ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල බොහෝ පිරිසක් ආවරණය කිරීමට හැකියාව ලැබෙනවා. නරඹන්නන් හට නවීන ගෝලීය ප්‍රවණතා හඳුන්වා දෙමින් ඔවුන්ගේ ආකල්ප

වෙනස් කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට මම විශ්වාස කරනවා.” යැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති අතුල ප්‍රියන්ත ගලගොඩ මහතා ප්‍රකාශ කර සිටියේය.

“2001 වසරේදී ආරම්භ කරන ලද මෙම ප්‍රදර්ශනය අද වන විට නව අංග රැසක් සමග වේගයෙන් වර්ධනය වී තිබෙනවා. ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අරමුණ වූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අනුබද්ධ පිරිස් හා මහජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දීමට වගේම ප්‍රදර්ශන කරුවන් සඳහා අසීමිත අවස්ථාවන් සලසා දීමටයි. මේ

සියලු දේ සමගින් අප 17 වන වසරට පිය නගන විට රටේ සහ කලාපයේ වඩාත්ම පිළිගැනීමක් ලැබෙන කාර්යශූර ප්‍රදර්ශන මණ්ඩලයක් ලෙස සැලකීමේ තෘප්තිමත් භාවය අපට දැනෙනවා.” යැයි ගලගොඩමහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...