Dialog සමූහය මෙරට ප්‍රථම TIER III සහතික ලත් දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරයි | දිනමිණ

Dialog සමූහය මෙරට ප්‍රථම TIER III සහතික ලත් දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට TIER III සහතික ලැබූ දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමට ඩයලොග් ආසිආටා සමූහය පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවා සම්බන්ධතා හා ජාත්‍යන්තර තලයේ ආයතනික විසඳුම් සම්පාදකයා වන Dialog සමාගම මාලබේ ප්‍රදේශයේ ස්ථාපිත කළ දත්ත මධ්‍යස්ථානය සඳහා මෙසේ UPTIME Institute වෙතින් Tier III සහතිකකරණය හිමිවී තිබේ.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු මහතා සහ ආසිආටා සමූහයේ බර්හාඩ්හි කළමනාකාර අධ්‍යක්ෂ/ සභාපති සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී, ටාන් ශ්‍රී ජමාලුඩීන් ඊබ්‍රාහිම් මහතා විසින්, අති නවීන සැටලයිට් සේවා උපාංග සහ අනෙකුත් පහසුකම්වලින් සමන්විත මෙම දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරන ලදී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන හා සමාගම් සඳහා අතිනවීන Hosting සහ Colocation සේවා සමග cloud සේවාවන්ද පිරිනැමීමට Dialog Tier III දත්ත මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත.

එම සේවාවන් ජාත්‍යන්තර ඔසැර ෂෂෂ ප්‍රමිතීන්ට අනුකුලව සිදු කිරීම මගින් මෙම දත්ත මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්වල කැපීපෙනෙන දියුණුවක් ඇතිකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tier III ප්‍රමිතීන්ට අනුව කටයුතු කිරීමේදී දත්ත මධ්‍යස්ථානයක්, දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග පවත්වා ගැනීම, සේවා බිඳවැටීම් වැළැක්වීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, යම්දෝෂයක්ඇතිවූ විටකදී පවා අඛණ්ඩව සේවා සැලසීම සහ උෂ්ණත්ව පාලන ක්‍රමවේද භාවිත කිරීම යනාදී බොහෝ තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ.

ලොව දියුණුතම දත්ත මධ්‍යස්ථාන බොහොමයක් ස්ථාපිත කර ඇත්තේ Tier III ප්‍රමිතීන්ට අනුකූල වන පරිද්දෙනි. බිඳවැටීම් කෘත්‍රිම ලෙස නිර්මාණය කර ප්‍රතිචාර පරීක්ෂා කිරීම ඇතුළුව සමස්ත මධ්‍යස්ථානය හා එහි තාක්ෂණයන් දැඩි ලෙස අධීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව UPTIME Institute විසින් Dialog දත්ත මධ්‍යස්ථානයට TIER III සහතිකකරණය පිරිනැමීමට තීරණය කරන ලදී.

මෙම මධ්‍යස්ථානයේ සියලුම කාර්මික හා ජාලමය අංග අනාගත පාරිසරික, බලශක්ති හා ස්ථානීය සාධක සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර තලයේ උපාංග භාවිත කර, පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් ස්ථාපිත කර තිබේ.

තවද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සැටලයිට් සේවාව වන Dialog television මෙම පරිශ්‍රයේම ලොව ප්‍රමුඛතම චන්ද්‍රිකා 10ක් ඔස්සේ සංඥා ලබාගැනීමේ හා Standard Definition (SD) iy High Definition (HD)නාලිකා නිරීක්ෂණය කිරීමේ හැකියාව සහිත මාධ්‍ය කේන්ද්‍රයක්දියත් කිරීම පිළිබඳව සාඩම්බරයට පත් වෙයි.

මෙහි පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම භූ චන්ද්‍රිකා සේවා මධ්‍යස්ථානය සහ අති නවීන චන්ද්‍රිකා රූපවාහිනී ජාල නිරීක්ෂණ මධ්‍යස්ථානය දියත් කිරීම මගින් දැනටමත් Dialog television සේවාව හා සම්බන්ධ වී සිටින 900,000කට අධික පාරිභෝගිකයන් SD සහ HD ආකාරවලින් දේශීය හා විදේශීය තොරතුරු රැගත් විනෝදාස්වාද, ක්‍රීඩා, චිත්‍රපට, සංගීත, පුවත් හා ආගමික නාලිකා 130කට අධික සංඛ්‍යාවක් විකාශය කිරීමේ හැකියාවලැබෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ TIER III සහතිකකරණය හිමිවූ ප්‍රථම දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය දියත් කරමින් රට ඩිජිටල්කරණය කරා යන ගමනේ පෙරමුණ ගැනීමට හැකිවීම ගැන අප බෙහෙවින් ආඩම්බර වෙනවා.

මෙම අතිනවීන දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීම මෙන්ම, අපගේ bandwidth පරාසය පුළුල් කිරීම සඳහා 100G-PLUS Bay of Bengal Gateway ෆයිබර් ඔප්ටික් සමුද්‍රීය රැහැන වැනි නවීන තාක්ෂණයන් සඳහා ආයෝජන කිරීමෙන් රජයට හා පුද්ගලික සමාගම්වලට උසස් මට්ටමේ යටිතල පහසුකම් හිමිවන අතර ශ්‍රී ලංකාව, ඩිජිටල් යුගයේ ඉහළම තලයටළඟා කරලීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.”යනුවෙන් ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා පැවසීය. 

අදහස් 1ක් ඇත

හරියට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් දීගන්න බැරි සමාගමක් හොස්ටින් වලට අතගහන එක විහිලුවක් බ්‍රෝ

නව අදහස දක්වන්න