මම නිසා වර්ජන එපා | දිනමිණ

මම නිසා වර්ජන එපා

වර්ජන සිදු නොකරන ලෙස තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද සන්දේශයක් බාරදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සන්දේශය මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙත භාරදුනි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් පසුගිය 21 වනදා පා ගමනකින් පැමිණි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙනි.


අදහස් 1ක් ඇත

President Maitripala Sirisena was elected by the People of Sri Lanka, and he must run the country and not the GMOA, it's disgrace on the education of members of GMOA

නව අදහස දක්වන්න