ප්‍රංශයේ 'හරිත විප්ලවයක්' | දිනමිණ

ප්‍රංශයේ 'හරිත විප්ලවයක්'

2040 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල්වලින් ධාවනය වන සියලුම මෝටර් රථ අලෙවි කිරීම තහනම් කරමින් හරිත 'විප්ලවයක්' දියත් කිරීමට ප්‍රංශය සූදානම් වෙයි.

නව වැඩපිළිවෙල නිවේදනය කරමින් පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ (Nicolas Hulot) කියා සිටියේ, එය පැරිස් පරිසර සම්මුතියට ප්‍රංශයේ කැපවීම ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙලක කොටසක් බවය.

2050 වනවිට කාබන් මුදාහැරීමෙන් වියුක්ත රාජ්‍යයක් බවට පත්කිරීම ප්‍රංශයේ බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රංශයේ මෝටර් රථ කර්මාන්තයෙන් 3.5% ක් දෙමුහුන් මෝටර් රථ (Hybrid) වන අතර, ඒ අතරින් විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ තිබෙන්නේ 1.2% ක් පමණි.

2040 වන විට රටේ තිබෙන පෙට්‍රල් හෝ ඩීසල්වලින් ක්‍රියාත්මක වන මෝටර් රථවලට සිදුවන්නේ කුමක් දැයි යන්න මෙතෙක් පැහැදිලි නැත.

පරිසර කටයුතු පිළිබඳව හඬ නගන්නෙකු වශයෙන් ප්‍රසිද්ධ නිකොලා උලෝ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් පරිසර කටයුතු භාර අමාත්‍යවරයා ලෙසින් පත්කරනු ලැබිණ.

අදහස් 1ක් ඇත

nikola hulo, lokayema karak gahala sobha saundrya raka ganima pilibada karapu kapawimata prasident ohuta mema thana tura dunne prasidenta ambatta kam karlawath neweyi nokola puduma satanak karanne lokayama upan , hatiyatamamiya yannata dimataya, kunu kasala athi wenne kohomada, kunu soba darmayata gena yanne kohomada, gas kapanne mona karanayakatada, gangawal araheta meheta harawanne kumana ayurinda mona kramayakatada , ratakata orotthu dena wahana palanaya kala yutthe kohomada , yanna ohuge darsanaya ohu igena ganna lokaye bawudda ratawalata piyasara kaleya, diya ali kaduwati tharanaya karamin maha ghora sarpayn pilibadawada addyayanaya kaleya, mata mathakayi ohu 2000 warsayedi kabal kalisamak adagena parana kopi kale kabal bayisikalekin parisiye mama rakiyawa karapu kicthen bazzar ekakata awith ,ehi wikinimata thibu garman nispaditha amerikan ,,,japan ,nispaditha walan '( cristal ganaye )warga kala athara ohu thora gatthe ohuge samisanayata mati walin thanu Asiyawe MATI WALAN YANA BHANDAYANYA ?? nawa janadipathi ema thana thura ohuta dunne ma pera kiyana ambattayekuta noweya, ada wana wita parisiye nagaradi pathniyada haritha wanantharayayaka sihina mawamin eyata wiwida kriya damayan salasum karamin sitinnaha, lankawa dengu awe kimada ekekwath parisaraya gana nemeyi araksa karana wiwida krama nodakinne , samahara wita yuropaya katrattha yugayada ya hakiya, yuropa janathawa eytada iwa simen muhuna deyi!

නව අදහස දක්වන්න