ආසි­යාවේ උසම ගොඩ­නැ­ගිල්ල ලංකාවේ | දිනමිණ

ආසි­යාවේ උසම ගොඩ­නැ­ගිල්ල ලංකාවේ

මදාරා මුදලිගේ

ලංකා ආයෝජන මණ්ඩලය සහ වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් සමාගම සම්බන්ධ වී ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ව්‍යාපෘතියක් වශයෙන් ඉදිවෙන ආසියාවේ උසම ගොඩනැගිල්ල සහ ලෝකයේ 9 වැනියට උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ පරිශ්‍රය වසර 2022 දී විවෘත කෙරෙන බව සමාගම විසින් අනාවරණය කර ඇත.කොළඹ නගර මධ්‍යයේ ඉදිවන මෙම දැවැන ්ත ගොඩනැගිල්ල කුළුණු දෙකකින් සමන්විත වේ. මීටර 625 ක උසකින් යුතු එය මහල් 117 කින් යුක්ත වන බව සඳහන්ය.නේවාසික ඒකක 1,200 ක්, හෝටල් කාමර 2,000 ක්, වෙළෙඳසැල් 3,000 ක් සහ 5,000 ක වාහනැ නැවතීමේ පහසුකම් සහිත රථගාලක් මෙන් ම ලොව වේගවත්ම විදුලි සෝපානය, නිරීක්ෂණ මැදිරි හා හෙලිකොප්ටර් ගොඩබෑමේ පහසුකම් මෙම ගොඩනැගිල්ල සතුවේ.

 

නව අදහස දක්වන්න