ප්‍රාෙද්ශීය සංවර්ධන බැංකුවේ අනුරපුර ශාඛාව අලුත් තැනක | දිනමිණ

ප්‍රාෙද්ශීය සංවර්ධන බැංකුවේ අනුරපුර ශාඛාව අලුත් තැනක

ජයසිරි මුණසිංහ

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ උතුරු මැද හා උතුරු පළාත් ප්‍රාදේශීය කාර්යාලය ඉකුත්දා අනුරාධපුරයේදී සමාජ සත්කාරක සේවා හා ගනුදෙනුකාර සත්කාරක සේවා යන සේවා දෙකක්ම එකවර සිදුකළේය.

ඒ පොසොන් පුර පසළොස්වක පොහොය දින සිට සතියක් පුරා ශ්‍රී මහා බෝධි මහා විහාරයේ පැවැති සති පිරිත් පින්කමේ අවසන් දින සියක් නමක් විෂයෙහිලා දානමය පින්කමක් සිදුකිරීම සහ ගනුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් බැංකු සේවාවක් ලබාදීමට අනුරාධපුරය නව ශාඛාව අලුත් ගොඩනැගිලි පරිශ්‍රයකට ගෙවදීමය. ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්වැලිසෑයාධිපති පල්ලේගම හේමරතන නාහිමි ප්‍රධාන අටමස්ථානාධිපතිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය මේ උතුම් පින්කමට එක්වූහ.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න, විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත අබේසිංහ, බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි හා සාමාන්‍යාධිකාරි ටී. ඒ. ආරියපාල‍, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක, උතුරු මැද හා උතුරු පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරි යූ. බී. සේමසිංහ, සහකාර සාමාන්‍යාධිකාරි ජී. එම්. බී. සී. ද සිල්වා, ප්‍රධාන කළමනාකරු ලලිත් මුතුබණ්ඩා යන මහත්වරු ප්‍රධාන විශාල පිරිසක් මේ අවස්ථාවන්ට සහභාගි වූහ. නව ව්‍යාපාර ඇරඹීමට සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයින්ට බැංකු ණය පිරිනැමීම, තැන්පතු ප්‍රවර්ධනය වැනි සේවාවන්ද මෙහිදී සිදුකැරිණි. මේ එම අවස්ථාවල ඡායාරූප වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...