නූලෙන් නූල ජීවිතයයි ගොතන්නේ

මදාරා මුදලිගේ

ක්‍රි.ව 06 වන සියවසේ දී විජය රජු ඇතුළු පරිවාර ජනයා ලංකාවට පැමිණීමත් සමඟ වෙරළබඩ තීරයේ කුවේණිය කපු කටිමින් සිටියා ය. එය අප කොයි කව්රුත් කුඩා කළ සිටම දන්නා පුරාවෘතයකි. එදා කුවේණිය කපු කටිමින් සිටියේ කවර කර්මාන්තයක් වුදෙසා ද යන්න වග ශ්‍රී ලාංකේ ය ජනශ්‍රැත අධ්‍යනකරුවන් තම පුරාවිඳ්‍යත්මක කැනීම් මඟින් සොයා බැලුහ. ඒ පිළිබඳව ඇත්තේ ද විවිධ මතයන් ය. එලෙස ඇය කපු කටිමින් සිටි නුල් බීරළු රේන ද කර්මාන්තයට යොදා ගත්තාද යන්න වග තවත් ප්‍රශ්නාර්ථයකි. තමන්ගේ ආගම , සංස්කෘතිය ලංකාවෙහි ස්ථාපනය කිරීමෙහිලා ලංකාවට පෘතුග්‍රීසින් ලංකාවට බීරළු රේන් ද කර්මාන්තය හදුන්වා දුන්නා ද යන්න වඟ වගද විමසිය යුතු සාධකයකි. ඒ කෙසේ වුවත් ශ්‍රී ලාංකේ ය සමාජයේ බීරළු රේන්ද කර්මාන්තය පැවති බවට සාධක පෘතුග්‍රීසි යුගයේ සිට හදුනා ගත හැක. එලෙස ඓතිහාසික වටිනාකමක් ඇති බීරළු රේන්ද කලාවට ගාල්ලේ මාගල්ල ගම ප්‍රචලිත ය. එසේනම් මේ මාගල්ල ගමේ බීරළු රේන්ද ව්‍යාපාරිකාවන් කිහිප දෙනෙකුගේ වර්තමාන ව්‍යාපාර ස්වභාවය පිලිබඳව ය.

අපේ පරම්පරාවේ අය ඉස්සර ගෙදර බීරළු ගෙතුවා. මම ඉස්සර ආච්චි බීරළු ගොතනවා බලන් ඉදන් තමයි මට ඒ ගැන මුලින්ම ආසාවක් හිතුවේ. ඊට පස්සේ මම උසස්පෙළ කරලා ඉවර වුණ ගමන්ම බීරළු ගොතන්න පටන් ගත්තා. එදා ඉදන් අද වෙනකම්ම මගේ රස්සාව වුණේ බීරළු ගොතන එක තමයි. දැන් මගේ ළඟ බීරළු ගොතන අය 100ක් විතර ඉන්නවා. මම ඒ ගොල්ලන්ට නුල් දෙනවා. ඒ ගොල්ලෝ ගෙවල්වලදී බීරළු ගොතලා මට ගෙනත් දෙනවා. රු 5000 ක් විතර වෙනවා බීරළු රේන්ද ඇදුමක් ,අපි නිර්මාණය කරන ඇදුම් වලට අවශ්‍ය දේවලුයි, නුල් ගන්නේ කොළඔ, ගාල්ල, නුවර ප්‍රෙද්ශ වලින් තමයි.

අපේ බීරළු නිර්මාණවලින් ලාභයක් ගන්න නම් විදේශිකයෝ ලංකාවට එන්න ඕන. ලංකාවේ මේ වගේ බීරළු රේන්ද කලාවක් තියනවා කියලා විදේශිකයන්ව දැනුවත් කරන්න ඕන. අපි වගේ මාගල්ලේ ඉන්න බීරළු නිර්මාණකරුවන් එකතුවෙලා පොඩි සංවිධානයක් හදලා තියනවා. ඒක අපි වෙනුවෙන් අපටම හදාගත්ත එකක්. ඒකෙන් බීරළු ගොතන අයට ආයතන විසින් සහන සලසළ දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. ඇත්තටම කියනවානම් අපි වගේ බීරළු නිර්මාණශිල්පීන් 8 දෙනෙක් ඉන්නවා මාගල්ලේ . අපි හින්දා තමයි මේ කලාව පවතින්නේ.

ගාල්ලේ මගේ ම කියලා ෂෝ රූම් එකක් මට තියනවා. ඒකේ මම බීරළු නිර්මාණවලට අමතරව විවිධ තැනවලින් ගෙන්වන හැන්ඩි ක්‍රාෆ්ට් වගේ දේවල් විකුණනවා.රජයෙන් නම් අපේ මේ කර්මාන්තයට කිසිම උදව්වක් තාම කරලා නෑ. එලෙස තම අදහස් ප්‍රකාශ කළේ මාගල්ලේ බීරළු ව්‍යාපාරිකාවක් වන ඩිමල්කා චන්දිමා ය. කාන්තාවන් වුව ද තනිවම තම කටයුතු කළමනාකරණය කිරීමේ හැකියාවක් මාගල්ල ගමේ බීරළු ගොතන්නියන්ට ඇත. දවස මුළුල්ලේ තම ශක්තිය වැය කරමින් ඔවුන් පිරිමින් මෙන් තම කර්මාන්තය දියුණු කිරීම සඳහා වෙහෙසෙන්නේ ය.

මම මේ ව්‍යාපාරය පටන් අරගෙන දැන් අවුරුදු 15ක් විතර වෙනවා. විවාහ වෙලා මහත්තයාගේ අම්මලාගේ ගෙදර ආවහම මහත්තයාගේ අම්මගෙන් තමයි බීරළු කලාව පුරුදු වුණේ. අපේ අම්මටත් මේ කලාව තරමක් පුළුවන්. මට 25 දෙනෙක් විතර රේන්ද ගොතලා ගෙනත් දෙනවා. මම තමයි ඒ ගොල්ලන්ට නුල් ලබා දෙන්නේ. සමහර කාන්තාවන් ගෙදර ඉඳගෙන මාසෙට රු 7000-8000 විතර මුදලක් ගන්නවා. තවත් අය රු2000ක් වගේ මුදලකුත් ගන්නවා.

මම මේ ව්‍යාපාරය පටන් ගත්ත මුල් දවස්වල නම් මාසෙට රු10,000ක් වගේ තමයි හම්බ කරේ. දැන් නම් සීසන් එක නැති කාලෙටත් රු40,000- 50,000ක් විතර හම්බ කරනවා. සීසන් කාලෙට ඊටත් වඩා හම්බ කරනවා.මේස රෙදි ,කුෂන් කවර, ළමා ඇදුම්, වෙඩින් සාරි, බෑග් , පර්ස් වගේ දේවල් තමයි මම අළෙවි කරන්නේ. සාමාන්‍යෙයන් මොස්තරයටයි, රෙද්දයි එක්ක වෙඩින් සාරියක් මට මාස එක හමාරක් ඇතුළත රු 25,000කට දෙන්න පුළුවන්. ලොකු අයගේ ගවුමක් රු 1500ක් වගේ ම පොඩි අයගේ ගවුමක් රු 850 ක් විතර වෙනවා.

අපට තියන ලොකුම අර්බුදය තමයි විදේශීය වෙළෙදපොල විවෘත නොවීම,ව්‍යාපාරයක් විදිහට මේ දෙය ගොඩාක්ම හොඳයි. මගේ පවුල මම ගොඩනඟාගත්තේ මේ ව්‍යාපාරයෙන් තමයි. 250 රේන්දයක මිල රු 500කටවත් විකුණන්න පුළුවන් මට්ටමක් එනවනම් අපිට ඉීරව ගෙතන අයට වැඩි වැටුපකුත් දෙන්න පුළුවන්. ඒ ගොල්ලොත් ආසාවෙන් එතකොට වැඩ කරනවා.

මාගල්ලේ බීරළු රෙන්ද ව්‍යාපාරයක් පවත්වාගෙන යන තනුජා දර්ශනී එලෙස අදහස් පැවසුවා ය. මෙම බීරළු කර්මාන්තය මඟින් මාගල්ල ගමේ නිවෙස්වලට වී කාලය ගත කරන කාන්තාවන්ට නිවසට වී බීරළු ගෙතීමට අවස්ථාව හිමි වී ඇත. වර්තමාන සමාජයේ රැකියා විරහිත කාන්තාවන් රැසක් සිටින විට මොවුන් පිළිබඳව අපට ආඩම්බර වීමට පුළුවන.

සුනාමියට මගේ මැෂින් 13 ක් විනාශ වුණා. ඒ වාගේ ම මගේ වැඩපලත් වතුරට ගහගෙන ගියා. 1984 වර්ෂයේ ආරම්භ කරපු මගේ බීරළු රේන්ද ව්‍යාපාරය සුනාමියට නැත්තටම නැති වුණා. මම හිතුවා මට ආයේ කවමදාකවත් ගොඑන්න බැරි වෙයි කියලා. වෙන්න තියන දේ අපට වළක්වන්න බැහැනේ. මම පොඩි කලේ ඉදන්ම බීරළු ගෙතන්න කැමතියි. අපේ ගමේ හිටපු බීරළු ගොතන අයගෙන් මම ඉගෙන ගත්තා මේ කර්මාන්තය. ආශාව හින්දමයි මම මේ කලාව හරි ගියේ. පුටු කවර,සාරි, ලේන්සු,කොට්ට උර,හැට්ට, ජනේල් රෙදි,ඇඳ වාටි, ඇඳ ඇතිරිලි, තොප්පි වගේ නිර්මාණ තමයි මම අළෙවි කරන්නේ.

2007 අවුරුද්දේ දිරිය කාන්තා සම්මානය,1990 අවුරුද්දේ විශ්ව කර්ම සම්මානය,1993 දී ජනාධිපති සම්මානය1997 දී දක්ෂතම ව්‍යවසාහිකා සම්මානය,2002 අවුරුද්දේ දී හොඳම ගෟහස්ථ අත්කම් නිර්මාණ සම්මානය,ඒ වාගේ ම ඒ අවුරුද්දේ CNCI සම්මානය 2006 අවුරුද්දේ තර්මාන්ත මණ්ඩල රන් සම්මානය හිමි කර ගත්තා. මගේ ව්‍යාපාරය සුනාමියට විනාශ වුණ වේලාවේ මට නැවත ව්‍යාපාරය පටන්ගන්න ගාල්ලේ ශිල්ප සභාව, මහිලා සමිතිය,ගාල්ලේ වෙම්බර් ආයතනය ගොඩක් උඳව් කරා. මෙලෙස තම ව්‍යාපාර ජීවිතය පිළිබඳ අදහස් දැක්වුයේ ගාල්ලේ මාගල්ලේ ප්‍රකට බීරළු නිර්මාණ ගුරු ශිල්පිනියක් වන එම්.බී ප්‍රියානි ය. තම නිර්මාණශිලීත්වය තුළින් මෙන් ම නොපසුබට උත්සාහය තුළින් ප්‍රියානි අද පැමිණ ඇති මාවත බොහොම අපුරු ය. කුසලතා පුර්ණ දක්ෂතාවලින් පරිපුර්ණ ප්‍රියානි වැනි කතුන් අනෙකුත් ශ්‍රි ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට ද ආදර්ශයකි.

එසේ නම් මීට වසර 25000 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මාගල්ල ගමේ බීරළු රේන්ද කලාව මියදෙන්නට නොදී අපගේ අනාගත පරපුරට දායා ද කරමින් දේශිය සංචාරක ක්ෂේත්‍රය ද වර්ධනය කිරීම සිංහල ජාතියක් වශයෙන් අප ඉටුකර යුතු යුතුකම නොවේ ද?

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...