දකුණු අප්‍රිකාවේ රිය අනතුරකින් 18ක් මරුට | දිනමිණ

දකුණු අප්‍රිකාවේ රිය අනතුරකින් 18ක් මරුට

දකුණු අප්‍රිකාවේ බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජොහැන්නස්බර්ග් නගරයට නැගෙනහිර දෙසින් පිහිටි මචාඩෝඩෝප් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි සදහන් වේ.

තුවාල ලැබූ පුද්ගලයින් සහ මියගිය පුද්ගලයන්ගේ සිරුරු කිහිපයක් සොයා ගැනීමට සහන සේවා අංශ සමත්වී ඇත. එහෙත් බස් රථයේ කොපමණ මගීන් පිරිසක් සිටියේ ද යන්න හෙලිවී නොමැත.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

නව අදහස දක්වන්න