මාධ්‍යවේදී මෙල් ඝාතකයාට මරණ දඩුවම

2014 වසරේ දී මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනවිය ඝාතන වරදකරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඩුවම නියම කර තිබේ.

2014 පෙබරවාරි මස 02 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල ප්‍රභූතිපුරදී සොරකමකට නිවසට අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා නිවසේ සිටි මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් මත දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි දුරුලාන්දු ඇන්තනි රම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ අද  එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කප අතර විත්තිකරු, ඝාතනයට ලක්වූ මෙල් ගුණසේකර මෙනෙවියගේ නිවස පින්තාරු කිරීම සඳහා පැමිණි පින්තාරුකරුවෙයි.

මෙල් ගුණසේකර මෙනවියගේ මව, පියා හා සහෝදරයා ආගමික වතාවත් සඳහා උදෑසන පල්ලියට ගිය අවස්ථවේ නිවස කොල්ලකෑමේ අදහසින් නිවසට ඇතුළු වූ විත්තිකරු විසින් නිවසේ තිබූ පාන් කපන පිහිවලින් කපා මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කර ඇති බව චෝදනා නඟා තිබුණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...