අධිවේගයේ ඩාන්ස් දැම්ම මධුවන්තිට 5000ක දඩයක් - video | දිනමිණ

අධිවේගයේ ඩාන්ස් දැම්ම මධුවන්තිට 5000ක දඩයක් - video

 
හැමදාමත් පුවත් මවන මේනකා මධුවන්ති සෙල්ලක්කාර කමට කරපු දෙයක් නිසා දඩයකට යටත් වෙන්න වෙලා. 
 
තම රසිකයින් කුල්මත් කරවන්න ඇය අධිවේගී මාර්ගයේ රිය පදවන අතර තුර නර්ථනයක යෙදෙමින් එන වීඩියෝවක් ඇය විසින්ම ඇයගේ යූ ටියුබයට මුදා හැර තිබුණා.
 
මේ පිළිබඳව කිසිවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බලධාරීන් විසින් කරනු ලැබු පරීක්ෂණයකින් අනතුරුව ඇයට විරුද්ධව නඩු පවරා තිබෙන බව පැවසෙනවා. ඇයට විරුද්ධ චෝදනාව විභාග කොට ඇත්තේ බණ්ඩාරගම අධිකරණයේ දියි.
 
ඒ අනුව බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇයට රුපියල් 5000ක දඩයක් නියම කොට තිබෙනවා.
 
ජනප්‍රිය වෙන්න වුවත් කරන දෙයක් පරිස්සමින් කියන්නේ ඔන්න ඕකටයි.
 
කාලයක් තිස්සේ ඇය ගේ රුව රැගත් ආන්දෝලනාත්මක වීඩියෝ පට කීපයක්ද සමාජ මාධ්‍ය ජාලා අතර සංසරණය වුණා. මේ නිසාම බොහෝ දෙනෙක් ඇයගේ චර්යාවන් දෙස නෙත් යොමා සිටිනවා. මෙන්න ඒ වීඩියෝව.
 
 
 
 
 

අදහස් 1ක් ඇත

namuth api hari rasyk winda lassanata eya ragadakwanawa, namuth eya wahanaye padawimath samaga kala waraddata oba daduwam widiya yuthuya!

නව අදහස දක්වන්න