දියාලකන්ද ඔස්සේ ඇඳගල සොයා....... මීරිගම Mountaineering Andagala Mirigama Sri Lanka | දිනමිණ

දියාලකන්ද ඔස්සේ ඇඳගල සොයා....... මීරිගම Mountaineering Andagala Mirigama Sri Lanka

නලින් දිල්රුක්ෂ
ඇඳගල අප්‍රකට තැනකි. ඒ ගැන දන්නෝ සිටිත් නම් ඒ මීරිගම අවට පිරිස් ය. අද ඇඳගල ආරණ්‍ය සෙනසුනකි. එකල වලගම්බා රජ දවස රජුන් සැඟව සිටියා යැයි පැවසෙන ස්ථානයකි.
මීරිගම නගරයේ සිට පස්යාල පාරේ කිලෝමීටර් දෙකක් පමණ දුරකින් පර්වතය මැදට වන්නට මේ සෙනසුන පිහිටා ඇත. එකී පර්වතය දියාලකන්ද නමින් හැඳින්වෙයි. දියාල කන්ද එක් පෙදෙසකින් පොහොන්නරුව ග්‍රාමයට මායිම්වන අතර අනිත් බැවුම ඉඹූල්ගස්දෙණිය නම් ස්ථානයට මායිම් වේ. ඉඹුල්ගස්දෙණියේ අනෙක්පස තවත් මහ වනාන්තරයකි. එය පල්මඩ කන්ද ලෙස හැදින්වේ. අපි ඇඳගල සොයා යන්නට තෝරාගත්තේ පල්මඩ කන්ද හරහා කඳුතරණයක යෙදෙමිණි. 
නාපවත්ත පල්මඩ පාරේ කිලෝමිටර් එක හමාරක් පමණ පැමිණෙනවිට පල්මඩ මහ කන්ද හමුවේ. මේ මහකන්දේ මැදින් මහ වනයට ඇතුළුවීම අපේ අරමුණ විය.

නව අදහස දක්වන්න