පිළියන්දල වෙඩි තැබීම-තවත් 2ක් අත්අඩංගුවට | දිනමිණ

පිළියන්දල වෙඩි තැබීම-තවත් 2ක් අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් සිදු කළ වැටලීමකදී කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් නරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවගෙන් ප්‍රශ්න කිරීමේදී අපරාධය සිදු කිරීම සඳහා භාවිතා කළ ගිනි අවි ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් මෝටර් රථය සහ ටිපර්  රථයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරුවන් (31) හැවිරි සහ (57) හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බව සඳහන්ය.

ඔවුන් අද(30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

අදහස් 1ක් ඇත

kebiliththa /කැබිලිත්ත දේවාලය - එතිමලේවැව කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව.. ? ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා.. සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න. සිසිර : (+94)777 400 860 Email සදහා [email protected]

නව අදහස දක්වන්න