අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු වන අලියා රක්ෂිතයකට | දිනමිණ

අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු වන අලියා රක්ෂිතයකට

 ගලෙන්බිඳුණුවැව දුටුවැව 10 කොටසේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියකු ගනේවල්පොළ වන ජීවී නිලධාරීන් විසින් පසුගියදා (25) ගොඩ ගනු ලැබීය. වයස අවුරුදු දහයක පමණ වයසැති මේ වන අලියා හේනක අනාරක්ෂිත අඩි විස්සක් පමණ ගැඹුරු වගා ළිඳකට වැටී සිටින අයුරු ප්‍රදේශවාසීන් දැක ඒ බව දැනුම් දීමෙන් පසුව මේ වන අලියා ගොඩ ගෙන තිබේ. ගනේවල්පොල වන ජීවී නිලධාරීන්, ගලෙන්බිඳුණුවැව පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව වන අලියා අඩප්පන් ඔය රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කෙරිණි.

ඡායාරූපය - අමිල ප්‍රභාත් වනසිංහ- අනුරාධපුර මධ්‍යම සමූහ 

නව අදහස දක්වන්න