ෆවුසිගේ කාලේ - මුල්ගල පැල වේ | දිනමිණ

ෆවුසිගේ කාලේ - මුල්ගල පැල වේ

ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ කුඹුක්ගැටේ නගරය හරහා ධාවනය වන බස් සේවාවන් විධිමත් තත්ත්වයකට පත් කිරීමේ අරමුණ ඇතිව එම නගරයෙහි ලං.ග.ම. බස් ඩිපෝවක් ඉදිකිරීම සදහා මුල්ගල් තබා සිහිවටන පුවරු නිරාවරණය කොට වසර 17ක පමණ කාලයක් ගතවී ඇත.
 
වාරියපොළ,වැල්ලව,ගනේවත්ත,නෙල්ලිය,හිරිපිටිය,වෙල්ගාල ආදී ප්‍රදේශවලට බස් රථ ධාවනය වන ප්‍රධාන නගරය වන්නේද කුඹුක්ගැටේ නගරයයි.
 
බස් ඩිපෝවක් ඉදිකිරීම සදහා උත්සව දෙකක්ද පවත්වා ඇති අතර වේගවත් කතා කිහිපයක්ද එකල අසන්නට ලැබුණ මුත් එම මුල්ගල් සහ සිහිවටන පුවරු කඩා බිද දමන තෙක් ඩිපෝවක්නම් ඉදිකෙරුණේ නැතැයි නගරවාසීහු පවසති.
 
ග්‍රාමීය පෙදෙස්වල ගමනාගමන පහසුකම් පුළුල් කිරීමේ වැඩසටහන යටතේ එවකට කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතාගේ යෝජනාවක් අනුව 2000-07-28වනි දින මෙම මුල්ගල තබා ඇත්තේ එවකට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා විසිනි.
 
(චන්ද්‍රතිලක රත්නායක -ඉබ්බාගමුව විශේෂ)

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...