ප්‍රේමය නම් | දිනමිණ

ප්‍රේමය නම්

හොඳම නිළිය හැටියට සම්මානය දිනා ගන්නට උමාලි තිලකරත්න වාසනා වුණා.ඒ අනුව උමාලි ගරු කථානායක කරු ජයසූරිය මහතා අතින් සම්මානය දිනා ගත්තා.නිවේදන වෘත්තියේ යෙදී සිටි සාරංග හෙමින් හෙමින් ඇය වෙත පියමැන්නා.එයට මෙහොතකට පෙර ඔහු වේදිකාවේ රංගනයක යෙදුණේ ජගත් වික්‍රම සිංහ සමග යංයං යං පාවී පාවී ඈත ලොකේට ගීතයට සම්මාදම් වෙමින්.ඒ ඉතාම ජවසම්පන්න තරුණයකුගේ විලාසයකින්

සාමාන්‍යයෙන් චිත්‍රපට කතාවල අවසානයේ සිදු වන සිදුවීමක් තමා වෙන්ව ගිය යුවළක් නැවත එකතු වීම.මේ කතාව එහෙමමයි කියලා අපි හිතන්නේ නෑ.හැබැයි.පසුගිය රයිගම් සම්මාන උලෙළ අවසන් වන හරියේ එක්තරා සිදුවීමක් සජීවි චිත්‍රපට අත්දැකිමකට ළං කළා.

සිද්ධිය මේකයි.නව පරපුරේ නළු නිළි යුවලක් වන සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න යනු මෑත කාලයේ වඩාත්ම කතා බහට ලක්වුණ ආදරණීය යුවළක්.ඔවුන්ගේ විවාහය බොහෝ මාධ්‍ය වල නෙත් යොමුවුණා.යසට කැපෙන ජෝඩුව හැටියටයි හැමෝම හිතුවේ.කොහොම උණත් පසුගිය වසරේ පමණ බොහෝ වෙබ් අඩවි වාර්තා කළේ මේ යුවලගේ විවාහය බිඳ වැටෙමින් පවතින විත්තියයි.ඔවුන් ගැන දන්නා බොහෝ දෙනා එය මුල දී විශ්වාස කළේ නැහැ.විශ්වාස කරන්නට හේතුවක් නොවුණේ සාරංග සහ උමාලි ඒතරම් ආදරණීය යුවළක් ලෙස පෙනී සිටීමයි.කටකතා වලට පියාපත් විතරක් නෙවෙයි දැන් වෙබ් අඩවිත් තියෙනවා.මේ බොහෝ දෙනා වාර්තා කරන ලද්දේ ඔවුන් වෙන් වුණ වගයි.එමෙන්ම උමාලි විදෙස් ගත වූ වගත් වාර්තා වුණා.

කොහොම උණත් උමාලි පසුගියදා ඇය රගපෑ නිනෝ ලයිව් චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වන්නට ලංකාවට පැමිණියා.

එමෙන්ම ඒ වන විට ඇය මේ වසරේ හොඳම නිළියට හිමි රයිගම් සම්මානයට නිර්දේශ ව තිබුණා.ඒ අනුව පසුගිය සෙනසුරාදා කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවැති රයිගම් ටෙලීස් සම්මාන උලෙළට සහභාගි වනුයේ ඇගේ පියාත් සමගයි.

එදා උත්සවයේ නිවේදක කටයතු මෙහෙය වන ලද්දේ සාරංග දිසාසේකරයි.ඒ අනුව හොඳම නිළියගෙන් සුව දුක් විචාරන්නට ඉඩ ලැබෙන්නේත් ඔහුටයි.

හොඳම නිළිය හැටියට සම්මානය දිනා ගන්නට උමාලි තිලකරත්න වාසනා වුණා.ඒ අනුව උමාලි ගරු කථානායක කරු ජයසූරිය මහතා අතින් සම්මානය දිනා ගත්තා.නිවේදන වෘත්තියේ යෙදී සිටි සාරංග හෙමින් හෙමින් ඇය වෙත පියමැන්නා.එයට මෙහොතකට පෙර ඔහ වේදිකාවේ රංගනයක යෙදුණේ ජගත් වික්‍රම සිංහ සමග යංයං යං පාවී පාවී ඈත ලොකේට ගීතයට සම්මාදම් වෙමින්.ඒ ඉතාම ජවසම්පන්න තරුණයකුගේ විලාසයකින්

ඔහු උමාලි ගේ අසලට පැමිණියා. ඔහුගේ මුල්ම ප්‍රශ්ණයට පෙරාතුව ඇය පැවසුවේ ඔයා මේ මයික් එක අල්ලං ඉන්න හින්දා එයට සභා ගැබෙන් ඇසුනේ අමුතුම ප්‍රතිචාරයක්.ඊළග ප්‍රශ්නයට ඇය වෙතින් ලැබුණේ මෙහෙම උත්තරයක්. රඟපාන්න ගියාම මට ලැබුණ මුල්ම සම්මානය ඔයා ඇය පැවසුවා. ඊළඟට අපි දැක්කේ ඔහු නොසැලී සිටි අයුරුයි. ඇය සියල්ල අවසානයේ තමා හොඳම නිළිය ලෙස අභිසෙස් ලද බොහිමියානුවා නාට්‍යයේ එන ගීතයක් ගායනා කළා

රැවුල ත් වැව්වට චේ ගුවේරා වගේ

මත් වී හිටියට බොබ් මාලේ වගේ

හිත් වල කෝ බං ආදරේ

හිත් වල කෝ බං ආදරේ

ඇය ඔහුටත් ඔහු ඇයටත් ස්තූති වන්ත වී වෙන්ව ගියා.

මේ කතාවේ ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්. එමෙන්ම වෙන් වූවා නම් හෝ එක් වූවා නම් එලෙස සිදු වූ මුල්ම හෝ අවසාන යුවළ සාරංග සහ උමාලි නොවන වග අපේ මතයයි. මිනිසුන් හා ගැහැනුන් හමුවීම වෙන්වීම සාමාන්‍ය කරුණක්. ගැටලුවක් ඇතොත් එය තුන් වන පාර්ශවයක් එයින් පීඩාවක් ලැබුවොත් පමණයි.

එහෙත් මේ අවස්ථාවේ ඔවුන් දෙදෙනාම මේ අනපේක්ෂිත අවස්ථාවේ අතිශය ගෞරවනීය ලෙස හැසිරුණා.ඉතාම අභියෝගාත්මකව එයට මුහුණ දුන්නා.ජීවිතය කියන්නේ එයයි.මෙතුවක් බොහෝ සිනමා කෘතින් අවසානයේ පෙන්වා දුන්නේ එයයි.

කලකට ඉහත රාජ්‍ය නාට්‍ය උලෙළක එක්තරා නාට්‍යයක් වේදිකා ගත වද්දී සිදුවීමක් අපට මතකයට නැගැණා.එහි ප්‍රධාන චරිතය රඟපෑවේ අද ජනප්‍රිය නිළියක්. ඇය වේදිකාවේ රඟපාමින් සිටිය දී එක් ගැහැනියක් වේදිකාවට පිවිස ඇයට පහර දී වේදිකාවෙන් බැස ගියා. අනපේක්ෂිත සිදුවීමක් වුවත් නිළිය එය නාට්‍යයේම ජවනිකාවක් ලෙස හසුරුවා ගනිමින් චරිතය දිගටම රඟපෑවා. ප්‍රේක්ෂක්යන් සිතුවේත් එය නාට්‍යයේම ජවනිකාවක් හැටියටයි.ඇත්ත නම් ඇයට පහර දුන්නේ ඒ වන විට ඇයගේ පෙම්වතාව සිටි නාට්‍යය නිෂ්පාදකගේ භාර්යාවයි.

සාරංග සහ උමාලි රයිගම් වේදිකාව කලකට අමතක නොවන අත්දැකීමක් බවට පත් කරන ලද්දේ ඔවුන්ගේ වෘත්තිය තත්වය ජීවිතයට මුහුණ දීම සහ ගෞරවය ආරක්ෂා කර ගනිමින්.එය කාටත් ආදර්ශයක්

අදහස් 1ක් ඇත

meya premayak noweya ragapamak lesa mama dakimi ,premaya yanu gaburu darsanayakiya

නව අදහස දක්වන්න