ලියන්න අශාවට දේශනත් මගහැරුණා | දිනමිණ

ලියන්න අශාවට දේශනත් මගහැරුණා

සරා ක්‍රොසන්

මහත් ජනාදරයට පත් 'Breath, The Weight Of Water’ කෘතියෙහි කර්තෘවරිය වන සරා ක්‍රොසන් ,එම කෘතිය වෙනුවෙන් කානගී පදක්කමෙන් ද ,‘The Hazelgrove Book Award’ සහ CLPE Poetry Award – Apple and Rain යන සම්මාන වලින් ද පිදුම් ලැබුවාය. මේ, ඇය සමඟ කළ පුවත්පත් සාකච්ඡාවක පරිවර්තනයකි.

ඔබගේ ‘ Breath, The Weight Of Water’ ග්‍රන්ථය කානගී සම්මානයට පාත්‍ර වූ වේලාවේ, ඔබට ඇතිවුණු හැඟීම මොනවගේද?

මට ආඩම්බරයක් දැනුණා. ඒ මොහොතෙ මට ඇතිවුණු සතුට දරාගන්න බැරිව මට ඇඬුණා. මේ සම්මානය මං හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඒ නිසා ම මට පුදුමාකාර සතුටක් දැනුනා. එය මගේ සිහිනයක් සැබෑවීමක් කියා කිව්වොත් වඩාත් නිවැරැදියි.

ඔබගේ පළමු කතාව ලිවීමත්, කානගී සම්මානය ලැබීමත් දක්වා අතර පැමිණි ගමන් මඟ මොන වගේද ?

එය ගොඩක් දිගු ගමනක්. අනෙක් කතුවරුන් වගේම තමයි මමත් ලිවීම ආරම්භ කළේ. මගේ තරුණ අවධියේදී වුණත්, 2010 වසර වෙනතෙක් මගේ ග්‍රන්ථ බෙදා හැරීමේ නියෝජිතයෙක් මට හම්බ වුණේ නෑ. ඒත් මං මගේ උත්සාහය අතහැරියෙත් නෑ. නියෝජිතයෙක් ලැබෙන කල් මං දිගටම ලිව්වා. එහි ප්‍රතිඵල මං අද භුක්ති විඳිනවා.

ඔබට හැම මොහොතකම කතුවරියක් වෙන්න හො‍් රචිකාවක් වෙන්න අවශ්‍යතාව තිබුණ ද?

මම දන්නෙ නෑ මම වගේ අය පොත් රචකයෝ වෙනවද කියලා. මම හිතන් හිටියේ,ග්‍රන්ථ කතුවරියක් වෙන්න පුළුවන් මාධ්‍යවේදීන් හෝ ග්‍රන්ථ රචකයන් සම්බන්ධ පවුල් පසුබිමක් තිබෙන අයට පමණයි කියලයි. ඒත්, මම ඒ කාලේ සිටම කියැවීමට ඇලුම් කළා. මට මතකයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින අවධියේදී සමහර නවකතා කියවලා ඉවර කරන්න තිබුණු ආශාව, වුවමනාව නිසා ඇතැම් අවස්ථාවල දේශන පවා මඟ හැරුණා. මට පොත් කියවන්න ඒ තරම් උනන්දුවක් තිබුණා . ඒ අනුව තමා මටත් පොත් ලියන්න ආශාවක් ඇති වුණේ. මං දැන් දිගටම පොත් ලියනවා.

ඔබට හැම වෙලාවෙම අවශ්‍ය වුණේ ළමයින් වෙනුවෙන් පොත් ලිවීම ද?

මම ලිවීම පටන් ගත්තෙ වැඩිහිටියන් සඳහා පොත් ලිවීමෙනුයි. ඒත්, එම කාර්යය මට කවදාවත් අවසන් කරන්න බැරි වුණා. මට හිතෙන්නෙ ඒවා වැඩිහිටියන් සඳහා ගැළපෙන්නේ නෑ කියලයි. Weight of Water කියන්නේ මගේ පළමු නවකතාව. මට එය ලියලා ඉවර වුණු මොහොතේ නම් උපරිම තෘප්තියක් හා ආත්ම අභිමානයක් දැනුණා. ඒ වගේම මම කැමැතියි ළමයින්ට ප්‍රබන්ධ කතා ලියන්න. මම අනාගතයේදී වැඩිහිටියන්ට සඳහා වන නවකතා ලියන්න කැමැත්තෙන් ඉන්නේ. මගේ පොත්වලට, රසිකයන්ගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ළමයින් බොහෝ පිරිසක් මගේ වටේ ඉන්නවා.

පොත ලියන්න ඔබ පෙලඹවූෙය් මොකක්ද ?

එයට හේතු වුණු කාරණය මොකක්ද කියලා මම ඇත්තටම දන්නෙ නෑ . ඒත් මට එක දෙයක් මතකයි. මට ‍මේ පිළිබඳ මුල්ම අදහස ආවේ ව්‍යායාම පුහුණු මධ්‍යස්ථානයේදී. ඒ අනුව තමා මේ පොත ලියන්න ගත්තෙ.

ඔබගේ දෛනික ජීවිතය ගෙවෙන ආකාරය විස්තර කරන්න පුළුවන්ද?

මගේ හොඳ ම නිර්මාණශීලි වැඩ ටික මං කරන්නේ උදේ කාලයේදී. සාමාන්‍යයෙන් හරිත තේ එක පානයෙන් පස්සේ .

මම සාමාන්‍ය‍යෙන් පැය පහක් වැඩ කරනවා. අනතුරුව මම තව පැය දෙකක් පමණ මම කරගෙන යන ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සොයා බැලීම කරනවා. මේ විදිහට තමා මං මගේ දවස ගෙවන්නේ. බොහොම සාමාන්‍ය විදිහට, හැම දෙයක්ම සමබර කරගෙන දෛනික ජීවතය ගෙවීම තමයි මගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ.

රචකයන් වෙනුවෙන් ඔබට ලබාදෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද?

මම හිතන්නෙ රචනය කියන්නෙ ඉතා ඉක්මනින් බිඳ වැටෙන්න පුළුවන් දෙයක්. බලාපොරොත්තු අත්හරින්න පුළුවන් දෙයක්. ඒත්, මං කිය න්නෙ උත්සාහය කොයි වෙලේකවත් අත්හරින්න එපා කියලයි. ඒකට හේතුව, මේ හැකියාව වෙනත් වෘත්තියකට අවශ්‍ය හැකියාවට වඩා බෙහෙවින්ම වෙනස් දෙයක් නිසයි. ඔබ ඔබම විශ්වාස කරන්න.එය තමයි මගේ පණිවිඩය.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න