රුපියල් ලක්ෂ සියයකින් ප්‍රතිසංස්කරණ කටයුතු | දිනමිණ

රුපියල් ලක්ෂ සියයකින් ප්‍රතිසංස්කරණ කටයුතු

පල්ලේපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පල්දෙණිය කොහොලන්වෙල මාර්ගය 2017 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන අරමුදල යටතේ රුපියල් ලක්ෂ සියයකින් ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ආරම්භවිය.
 
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභවේ සභාපති එල්.ඩි නිමලසිරි මහතා ,මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.එම්.යසමාන්න මහතා,ශ්‍රී.ල.නි.ප. දඹුල්ල ආසන සංවිධායක යු.ආර්.දයානන්දසිරි මහතා ,දිස්ත්‍රික් සංවිධායක කුසුම්සිරි ආරියරත්න මහතා ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත පාලිත් කොහොන මහතා හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් සහභාගී විය.
 
(උඩදුම්බර සමූහ - අජිත්  ගංගොඩ)

@ උඩදුම්බර සමූහ - අජිත්  ගංගොඩ

නව අදහස දක්වන්න