නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප | දිනමිණ

නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකු රු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අද තීරණය කළේය.

ඒ කොළඹ මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

විත්තිකරුවන් 05දෙනාගෙන් දෙදෙනෙකු අද අධිකරණයට පැමිණ නොසිටි අතර ඔවුන්ට යළි සිතාසි නිකුත් කළේය.

නඩුව යළි අගෝස්තු 31 කැඳවනවා.රුපියල් මිලියන 30ක මුදලක් යුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා 11ක් මත නීතිපතිවරයා නඩුව පවරා ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් බව කියන ගවර්ස් කොපරේට් සමාගම ද විත්තිකරුවකු කර තිබේ.

නව අදහස දක්වන්න