කඳුකරයේ වනසතුන් වාහන අනතුරුවලින් මියයෑමේ ප්‍රවණතාවක් | දිනමිණ

කඳුකරයේ වනසතුන් වාහන අනතුරුවලින් මියයෑමේ ප්‍රවණතාවක්

වතුකරයේ වෙසෙන වන සතුන් මාර්ග හරහා මාරුවීමට යාමේදී රථවාහනවලට හසුවී මියයාමේ වැඩි ප්‍රවණතාවයක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.

වතුකරයේ බොහෝ මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමත් සමඟ වැඩි වේගයෙන් ‍ගමන් කරන රථවාහනවලට හසුව නිරන්තරයෙන් මෙසේ මියයන බව ද ඔවුහු කියති.

වල්ඌරන්, ඉත්තෑවන්, මීමින්නන්, හඳුන්දිවියන්, කොළදිවියන් වැනි සතුන් මෙන්ම විවිධ උරග සතුන් ද මෙසේ මියයන බව සඳහන් කරන ඔවුන් පවසන්නේ රාත්‍රී කාලයේදී මෙසේ මියයාම් වැඩිපුර වාර්තා වන බවයි.

රාත්‍රී කාලයට බොහෝ වන සතුන් මාර්ග හරහා මාරුවෙන බවත් විදුලි ආලෝකය නිසා ඇතැම් අවස්ථාවල ඔවුන් එක්වරම වාහන ඉදිරියට පැනීම නිසා සහ රාත්‍රී කාලයට මාර්ගය දෙපස නිසි ලෙස නොපෙනීම නිසාත් මෙවැනි අනතුරු සිදුවන බව රියැදුරෝ පවසති.

නව අදහස දක්වන්න