සිසුන්ට පහරදීම ගැන පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි

උද්ඝෝෂණයේ නිරත විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සදහන් කලේ අදාළ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අදාළ වාර්තාව මේ දක්වාත් ලැබී නොමැති අතර ඉදිරි දින කිහිපය තුළ මෙම වාර්තාව පොලිස් කොමිසම වෙත ලැබෙනු ඇති බව ද  පැවසීය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය වසා දමන ලෙස බලකරමින් පසුගියදා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් කොළඹදී උද්ඝෝෂණයක නිරත වූ අතර උද්ඝෝෂකයින් සෞඛ්‍ය  අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට බලහත්කාරයෙන් කඩා වැදිණ.

අනතුරුව ඔවුන් ඉන් ඉවත් කිරීම සඳහා පොලීසිය බැටන් ප්‍රහාරයක් ද එල්ල කළේය.

මේ හේතුවෙන් සිසුන් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...