Monday, ජුනි 26, 2017 - 10:45
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි කිරිමේ සිදුවීමට අදාළව තවත් වෛද්‍ය සිසු නායකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙකි.
මේ අතර ඊයේ දිනයේදි සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරය ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
ඊට පෙර අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සහ අන්තර් විශ්වවිද්‍යාලය භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු පොලිස් අත්අඩංගුවට ගත්තේය.
පොලීසිය පවසන්නේ සිද්ධියට අදාළව සිසුන් 100ක් පමණ හඳුනාගෙන ඇති බවයි.
අදහස් 1ක් ඇත
[email protected]
නව අදහස දක්වන්න