ෆින්ස්බරි පල්ලියේ ප්‍රධානියා වන මොහොමඩ් කොජබාර් ප්‍රහාරයෙන් පසු කියා ඇත්තේ එය මුස්ලිම් පවුල්වල නිදහසට හා ගරුත්වයට එරෙහිව සිදුවූ ප්‍රහාරයක් බවය. එය අනෙක් අතට මැන්චෙස්ටර් හා වෙස්ට්මිනිස්ටර් ත්‍රස්තවාදී ප්‍රහාර ද එලෙසම ය.
ලන්ඩනය යළිත් කැළැඹීමටත්, කම්පනයටත් පත්කරමින් මේ වර්ෂයේ මාස 3ක් තුළ වාර්තාවූ සිව්වන අන්තවාදී ප්‍රහාරය ද සිදුවිය. ආසන්නතම ප්‍රහාරය මීට දින කිහිපයකට පෙර වාර්තා වූයේ ෆින්ස්බරි පාර්ක් ප්‍රදේශයේ සෙවන්පිස්ටර්ස් පාර ආශ්‍රිතවය. ඒ ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියක හා සුබසාධන මධ්‍යස්ථානයේ සිට රාමදාන් උපවාසය නිමවා යමින් සිටි පිරිසක් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලැබීය. වෑන් රථය පැදවූ තැනැත්තා සුදු ජාතිකයෙකි. 47 හැවිරිදිවියේ පසුවන ඔහු ඩැරන් ඔස්බර්න් වශයෙන් හඳුනාගෙන තිබේ. සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයන් ඔහු අල්ලාගෙන පොලිසියට භාරදී තිබේ. මීට පෙර සිදුවූ මැන්චෙස්ටර්, ලන්ඩන්බ්රීජ් හා වෙස්ට්විනිස්ටර් ත්‍රස්තවාදී ප්‍රහාර ඉස්ලාම් අන්තවාදීන් සිදු කළ ඒවාය. අයි. එස්. සංවිධානය එහි වගකීම ද භාරගෙන තිබිණි. වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරයේදී ද ප්‍රහාරකයා ලන්ඩන් පාලම මත ගමන්කරමින් සිටි පදිකයන් ද යටකරගෙන මෝටර් රථය පැදවීය. මේ ප්‍රහාර දෙකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සිදුකළ බව පෙනෙන ෆින්ස්බරි පාර්ක් ප්‍රහාරයේදී ද ප්‍රහාරකයා සෙනඟ අතරට මෝටර් රථය පැදවීය. පෙර ප්‍රහාර 2 මෙන්ම එම ප්‍රහාරය ද ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසා තිබිණි. විපක්ෂ නායක ජෙරමි කෝබින්ස් අන්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වමින් ප්‍රහාරය හෙළාදුටුවේය. ඔහු වැඩිදුරටත් කියා තිබුණේ අනතුරට පත්වූවන් වෙනුවෙන් පල්ලියේදී සිදුවන ආගමික කටයුතුවලට ද තමන් සම්බන්ධවන බවය.
ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් ප්‍රහාරය හෙළාදැක්කේ ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයම බව පවසමිනි.
ෆින්ස්බරි ප්‍රහාරයත් සමඟ ලන්ඩනය වසාගනිමින් ඉස්ලාම් භීතිකාවක් (Islam ophobia) පැතිරෙමින් ඇති බව පැහැදිලි වේ. කම්කරු පක්ෂය ද ඒ පිළිබඳ අනතුරු අඟවා සිටී. ෆින්ස්බරි ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ඔස්බර්න් ප්‍රහාරය සිදුකර කෑගසා තිබුණේ තමන්ට මුස්ලිම් ජාතිකයන් මරා දැමීමට අවශ්‍ය බව පවසමිනි. ඔහුගේ මුස්ලිම් අසල්වැසියන් පවසන පරිදි ඔස්බර්න් මිත්‍රශීලී අයෙකි. ඔහු ඔවුන් සමඟ ද සුහදව ජීවත්වී ඇති සිව්දරු පියෙකි. එහෙත්, ආසන්න සති කිහිපය තුළ ඔහුගේ වෙනසක් සිදුවී ඇති බව ඔවුහු පවසති. ඔස්බර්න්ගේ පවුලේ උදවිය ද මේ සිද්ධියෙන් කැළැඹීමට පත්ව සිටී. එය සිදුනොවිය යුත්තක් බව ඔවුන්ගේ ද අදහසයි.
මුස්ලිම් ජනතාවට ආරක්ෂාව
ඔස්බර්න් මෙවැනි තත්ත්වයකට තල්ලුවීමට බලපෑ ප්‍රබල කාරණය ලෙස ඉස්ලාම් භීතිකාව සැලකීමට හැකිය. එහෙත් අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දීම අනුමත කිරීමට නොහැකිය.
ඔස්බර්න් පදවාගෙන ආ කුලී වෑන් රථයේ තවත් කිහිපනෙකු සිටි බවත් සිද්ධිය වූ අවස්ථාවේ ඔවුන් පලාගොස් ඇති බවත් එතැන සිටි ඇතැම් අය පවසා තිබේ. කෙසේ වුවද බ්‍රිතාන්‍ය රජයේ කෝබ්රා හදිසි කමිටුවේ රැස්වීමකින් පසු අගමැතිනි මේ කියා සිටියේ මෙය තනි පුද්ගලයකු සිදු කළ ප්‍රහාරයක් බවය. ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලියට ද ගොස් ප්‍රජා නායකයන් මුණගැසුණු අගමැතිනිය මේ ප්‍රහාරය ද මීට පෙර සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම පිළිකුල්සහගත බව කියා සිටියාය. මුස්ලිම් ජන කොටස්වලට අතිරේක පොලිස් ආරක්ෂාවක් සපයන බවට ද ඇය පොරොන්දුවී තිබේ. ඔස්බර්න් අල්ලා ගැනීමට මුල්වූ අයගේ නිර්භීත බව ද ඇය අගය කර තිබිණි.
අවශ්‍යතාව පරිදි මුස්ලිම් පල්ලිවල ආරක්ෂාව තහවුරු කිරීමට අමතර පොලිස් ජංගම සේවා යොදවන බව ස්කොට්ලන්ඩියාඩ් පොලිසිය නිවේදනය කර ඇත.
ෆින්ස්බරි පල්ලියේ ප්‍රධානියා වන මොහොමඩ් කොජබාර් ප්‍රහාරයෙන් පසු කියා ඇත්තේ එය මුස්ලිම් පවුල්වල නිදහසට හා ගරුත්වයට එරෙහිව සිදුවූ ප්‍රහාරයක් බවය. එය අනෙක් අතට මැන්චෙස්ටර් හා වෙස්ට්මිනිස්ටර් ත්‍රස්තවාදී ප්‍රහාර ද එලෙසම ය. සිදු නොවිය යුත්තක් වුවද ඉස්ලාම් භීතිකාවක් පැතිරයමින් ඇත්තේ එම ප්‍රහාර මඟින් ඇතිකළ කම්පනයත් සමඟය. අන්තවාදී කණ්ඩායම් සිදුකළ ප්‍රහාරවල වන්දිය සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගෙවීමට සිදුවී ඇත.
මෙවැනිම භීතිකාවක් ප්‍රංශයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අනතුරුව ද දැකිය හැකිවිය. ලන්ඩනය විවිධ ජාතීන් හා අාගමික කොටස් නියෝජනය කරන බහු සංස්කෘතික නගරයකි. එහි පුරපතිවරයා වශයෙන් පත්වූයේ ද මුස්ලිම් ජාතිකයෙකි. එවැනි ප්‍රදේශයක මෙවැනි තත්ත්වයක් ඇතිවීම බොහෝදෙනා අනුමත කරන්නේ නැත.
යථාර්ථයට අන්ධ වීම
මේ වනවිට ව්‍යාප්තවෙමින් ඇතැයි පෙනෙන ඉස්ලාම් භීතිකාවට ද යථාර්ථය තේරුම් ගැනීමට පමාවීම අනුබලයක්වූ බව සැලකිය හැකිය. ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයන් අනතුරු අඟවන පරිදි අන්තවාදයට එරෙහි සංග්‍රාමය අන්තරාදායක මෙන්ම තීරණාත්මක වකවානුවකට පිවිස සිටී. ෆින්ස්බරි ප්‍රහාරය බඳු ප්‍රහාර යළි සිදු නොවනු ඇතැයි කිසිවකුටත් සහතිකයක් දීමට නොහැකිය. බී. බී. සියේ ආරක්ෂක වාර්තාකරු ෆ්රෑන්ක් ගාඩිනර් පෙන්වාදී තිබූ පරිදි ජිහාඩ් අන්තවාදීන්ගේ ප්‍රහාරවලින් මෙන්ම ඊට ප්‍රතිචාර ලෙස සිදුවෙමින් ඇති ඉස්ලාම් විරෝධී අන්තවාදී ප්‍රහාරවලින් ද සිදුවන්නේ මුස්ලිම් හා මුස්ලිම් නොවන සෙසු ජන කොටස් අතර ඇති සහජීවනය බිඳදැමීමය.
මැන්චෙස්ටර් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් භීතිකාව හේතුවෙන් දියත්වූ පහරදීම් ගණන 139කි. ඉකුත් සතිය තුළ පමණක් එවැනි පහරදීම් 25ක් වාර්තා විය. මේ සියල්ලෙන් බරපතළම සිදුවීම වන්නේ සාමාන්‍ය මුස්ලිම් ජනයා තව තවත් පීඩාවට පත්වීම බව පැහැදිලි වේ.
ෆින්ස්බරි ප්‍රහාරය මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරමින් සිදුවූ පළමු ත්‍රස්තවාදී ප්‍රහාරය නොවේ. 2013 වර්ෂයේදී යුෙක්ර්නයේ පැව්ලෝ ලැප්සින් නම් නව නාසිවාදියකු ලෙස හඳුන්වාගත් තැනැත්තකු 82 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු මරා දැමීමේ පල්ලියක් ආශ්‍රිතව බෝම්බ ප්‍රහාරයක් සිදුකර තවත් පුද්ගලයන් කිහිපදෙනකු අනතුරට ලක් කිරීමට වෑයම් කරමිනි. ඊට වසරකට පසු ඉයන් ෆෝමන් නම් තවත් නව නාසිවාදියකු පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලැස්මකට වරදකරු ලෙස 10 අවුරුදු සිරදඬුවමකට ලක්කෙරිණි. ෆින්ස්බරි ප්‍රහාරය තෙවැනි සිදුවීම ලෙස පෙනෙන්නට තිබේ.
අත්අඩංගුවට ගැනීම්
බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් ඇති බවට ද සාක්ෂි ලැබී ඇත. ත්රස්තවාදයට එරෙහි විධිවිධාන යටතේ ඉකුත් දෙසැම්බරයේදී බ්‍රිතාන්‍යයේ පළමු අන්තවාදී සිදුවීම ෆින්ස්බරි ප්‍රහාරයයි. ඉස්ලාම් අන්තවාදී ආසන්න ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සුළු සුළු ප්‍රහාර වැඩිවශයෙන් වාර්තාවීමට පටන්ගත්තේය.
ලන්ඩන් නාගරික පොලිස් වාර්තාවලට අනුව 2017 මාර්තු මාසය දක්වා ආසන්න වසරක කාලසීමාවේදී ඉස්ලාම් භීතිකාව හේතුවෙන් ඇතිවූ සිද්ධීන් ගණන 1260කි. 2016 වර්ෂය තුළ වාර්තාවූ එවැනි සිද්ධීන් 1500 කට ආසන්නය. 2015දී වාර්තාවූයේ ඉන් අඩක් පමණ සංඛ්‍යාවකි. 2013දී සිද්ධීන් 350ක් පමණ ඇතිවිය. මින් පැහැදිලිව පෙනෙන්නේ මේ තත්ත්වය භයානක අන්දමින් වර්ධනය වෙමින් ඇති අයුරුය. ඉදිරියේදී මෙය තවත් දරුණුවීමට ඇති අවකාශය වැඩිය. වළක්වාගත යුත්තේ ද එයයි. එහෙත් එය ලන්ඩන් බලධාරීන්ට හෝ බ්‍රිතාන්‍ය ආණ්ඩුවටම කළ හැකි තනි කාර්යභාරයක් ද නොවේ.
මුස්ලිම් සමාජයට ද සැලකිය යුතු භූමිකාවක් ඉටුකිරීමට සිදුවනු ඇත. අයි. එස්. හෝ වෙනත් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රහාර මඟින් දක්ෂිණාංශික කණ්ඩායම් තහනම් කෙරිණි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2017 මාර්තු මාසය දක්වා ආසන්න වසරක කාලසීමාව තුළ ත්රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පැවසෙන සුදු ජාතිකයන් 113 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 2016දී එම සංඛ්‍යාව 68ක් වූ අතර, 2017දී එය 66%ක වර්ධනයක් පෙන්වයි. එලෙස අත්අඩංගුවට ගත් අය අතරින් කොපමණක් අන්ත දක්ෂිණාංශිකයන් ද කොපමණක් මුස්ලිම් අන්තවාදීන්ට සම්බන්ධ රැඩිකල් කරණයට ලක්වූ සුදු ජාතිකයන් ද යන්න වෙන්ව ප්‍රසිද්ධ කර නැත. මේ අතරින් 16%ක් දේශීය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අය බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව බලනවිට සෙසු පිරිස අයි. එස්. වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලි සමඟ සම්බන්ධ අය බව අනුමාන කළ හැකිවේ.
නව අදහස දක්වන්න