සක්‍රියව පවතින නිරත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ලබන 27 දක්වා නිරිත දිග ප්‍රදේශවලට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහජනයා සඳහා කාලගුණ අනාවැකිය201 7ජූනිමස 24 වන දින උදෑසන 05.30ට නිකුත් කරන ලදි
සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලදී (2017 ජුනිමස 27 දිනතෙක්) දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇති
අතර කෑගල්ල,රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් මෙම දින කිහිපය තුල වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
සමහර ස්ථාන වල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ,කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් (මි.මි. 75ක් පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැක.
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
2017 ජූනි මස 2 4 වන දින උදෑසන 05.30ට නිකුත් කරන ලදි
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
සුළං නිරිතදෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක
පැ.කි.මී.55-60 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැක.
මේ අතර පවතින වැසි සහිත තත්ත්වයත් සමඟ නාය යාම් අවදානම පිළිබද සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ නුවරඑළිය, ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.
නව අදහස දක්වන්න