සයිටම් ගැටලුවේදී ඇතැමුන් නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කරනවා | දිනමිණ

සයිටම් ගැටලුවේදී ඇතැමුන් නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කරනවා

ජයසිරි මුණසිංහ

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුවක් ලබා තිබියදී ඒ ඔස්සේ කටයුතු නොකොට නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක්කරමින් ඇතැම් දෙනා සිදු කරන ක්‍රියාව තරයේ හෙළා දකින බව කොළඹ විශ්වවිද්‍යලයේ ආර්ථික විද්‍ය අධ්‍යයාන අංශයේ අංශාධිපති මාහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියෝ ප්‍රකාශ කරති.

නිතීයේ ආධිපත්‍ය සුරකින්නැයි අරගල කළ යුගයක් තිබු බව පැහැදිලි කළ උන්වහන්සේ එවන් යුගයක් බිහිවු විටක ලබා දෙන තීන්දු උපහාසයට ලක් කරමින් සයිටම් විරුද්ධවාදීන් ක්‍රියා කිරීම අනුමත කළ නොහැකි බවත් කීය.

වෛද්‍ය් කේෂ්ත්‍රයේ පාරිශුද්ධභාවය රැක ගැනීමට සහ පෞද්ගලික අධ්‍යපනය ඉවත් කිරීමට කළ යුතු බොහෝ කාර්යන් තිබියදී ඒවා අමතක කොට එක් කරුණක් මුල්කොට වීදි බැසීම හෙළා දකින බවද උන්වහන්සේ පැවසූහ.

රටපුරා හොර වෛද්‍ය සේවය, බාල බෙහෙත් වර්ග ලබාදීම වෛද්‍යවරුන් අතින් අතපසුවීම් සිදුවීම ඇතුළු සමාජයේ කරුණු රාශියක් නිවැරදි කර ගත යුතුව තිබියදී එක් කරුණක් ඔස්සේ හඹා යාමෙන් මේ කේෂ්ත්‍රයේ ගෞරවය ආරක්ෂා කර ගත නොහැකි වන බවද උන් වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

යම් ආයතනයක් රජයට පවරා ගැනීමෙන් පමණක් ගුණාත්මක පළදායී ආයතනයක් බවට පත්වෙන්නේ නැතැයි කී උන්වහන්නේ දැඩි නියාමනයක් සිදු කිරීම අනිවාර්යෙන්ම කළ යුතුව ඇතැයිද සදහන් කෙළේය. 

නව අදහස දක්වන්න