ජපුරෙන් උතුරට | දිනමිණ

ජපුරෙන් උතුරට

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මාධ්‍ය සිසුන් උතුරේ ගවේශනාත්මක පශ්චාත් යුදබිම් වාර්තාකරණ අධ්‍යනයක් සඳහා 24 වනදා අලුයම පිටත්වීමට සූදානමින් සිටිති.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්වය හා ජනසන්නිවේදන මාධ්‍ය සිසුන් වන්නි ආරක්ෂක මූලස්ථානය වන වවුනියාවටත් පසුව කිළිනොච්චිය - යාපනය - මුලතිව්- පුනරීන් ආදී ප්‍රධාන යුධ හමුදා කඳවුරුවලටත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් දින කිහිපයක් පුරා රැඳී සිටිමින් සංචාරය කරමින් වාර්තා කරන අධ්‍යනයක නිරතවීමට නියමිත අතර මෙය සිසුන්වන අපට සුවිශේෂ අත්දැකීමකි.

අපේ අරමුණ වන්නේ උතුරේ සැබෑ තත්ත්වය හමුදාව සමඟ සාකච්ඡා කිරීමත් යළි පිබිදෙන යාපනය නගරය හා අනෙකුත් ප්‍රදේශවල සංවර්ධන නිරීක්ෂණය කිරීමක් මඟින් ලෝකයට සැබෑ තත්ත්වය වටහාදීමටත්ය.

එය සැබෑ ලෙසම යුගයේ වගකීමකි. දිවි පරදුවට තබා යුද්ධය නිමා කළ යුද හමුදා නිලධාරීන් හා යුධ සෙබළුන් බැලීමට අප මහත් උද්යෝගයෙන් යාපනය බලා පිටත්වෙද්දී, වවුනියාව වන්නි ආරක්ෂක මූලස්ථානය හා කිලිනොච්චිය - යාපනය - මුලතිව්- පුනරීන් ආදී යුද හමුදා නිළධාරීන් හා සෙබළුන් සහෝදරත්වයෙන් පිළිගැනීම අගය කළ යුතුය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය රත්නසිරි අරංගල හා විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය මේජර් තිලක් සේනානායක මහතාද සම්බන්ධිකාරක වශයෙන් කටයුතු කරන සුසිල් චන්ද්‍රසිරි මහතාද සිහිපත් කළ යුතුය. මෙම සංචාරය සඳහා ජ.පුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් රැසක් සහභාගි වන අතර සිසුන් ලෙස අපට මෙය අගනා අවස්ථාවක් ලෙස සඳහන් කිරීමේ වරදක් නැත. රටේ සංහිදියා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා නව පරපුරට මෙවැනි දේ මඟින් මනා අවබෝධයක් ලබාගත හැකිය. යුද හමුදාපති ලුතින් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ මඟ පෙන්වීමද සිහිපත් කළ යුතුය.

එච්.ඒ.ආර්.ස්වර්ණමල්ලිකා
අත්තනායක

නව අදහස දක්වන්න