වැසිකිළි ප්‍රේම කතාවට අගමැතිගෙන් ප්‍රශංසා | දිනමිණ

වැසිකිළි ප්‍රේම කතාවට අගමැතිගෙන් ප්‍රශංසා

අක්ෂේ කුමාර්ගේ නවතම සිනමා නිර්මාණය Toilet: Ek Prem Katha හි පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කෙරුණා. එය නිකුත් කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර සිං මෝදිගේ ප්‍රධානත්වයෙන්. මේ චිත්‍රපටයට අගමැති මෝදිගේ ප්‍රශංසාව හිමි වුණා.

අගමැතිතුමා කිව්වේ එය පිරිසිදුකම ගැන හිතලා නිර්මාණය කළ සිනමා නිර්මාණයක් බවයි. එයින් හොඳ පණිඩුවයක් ලැබෙන බවත් එතුමා පවසනවා. කෝටි 125ක් ජනතාව එකතු වෙලා පිරිසිදු ඉන්දියාවක් හදන්න මේ කතාව හොඳ ආදර්ශයක් බව අගමැති මෝදි තම ට්විටර් පිටුවේ සටහන් කළා. "බොහොම ස්තූතියි අගමැතිතුමනි. මේ ඔස්සේ යහපත් දේ වෙනුවෙන් ජනතාවගේ මනස වෙනස් කරන්න හැකි වේවි යැයි හිතනවා " යනුවෙන් අක්ෂේද එයට පිළිතුරක් සටහන් කළා.

ශ්‍රී නාරායන් සිං අධ්‍යක්ෂණය කරන Toilet: Ek Prem Katha චිත්‍රපටයේ අක්ෂේ සමඟින් භූමි පෙඩ්නෙකර්, අනූපම් කේර්, සානා ඛාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඉන්දීය රජයේ වැඩපිලිවෙලක් වන මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද මෙයට උපයෝගි කරගෙන තිබීම විශේෂත්වයක්. ලබන අගෝස්තු 11 වැනිදා එය ලොවපුරා තිරගත කරන්න නියමිතයි.

නව අදහස දක්වන්න